අවුරුදු 04ක වංචා සොයන්න ජනාධිපති කොමිසමක් පත් කරද්දී අවුරුදු හතරේ සේවය අගයා රාජිතට සම්මානයක්..
January 14, 2019 at 12:40 pm | lanka C news
ළමා සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සදහා පසුගිය වසර 04 තුල සිදු කළ සේවාව අගය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට ශ්‍රී ලංකා පරාජන්ම සංගමය විසින් සම්මානයක් පිරිනමන ලදි.
ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ නව සභාපති වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා පිළිගැනීම වෙනුවෙන් කොළඹ ෂැන්ග්‍රීලා හොටලයේ ඊයේ (13) රාත්‍රී පැවැතී උත්සවයක දී මෙම සම්මානය පිරිනමන ලද්දේ නව සභාපතිවරයා විසිනි.
ශ්‍රී ලංකා පරාජන්ම සංගමය දිවයින පුරා පිහිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විතසංවිධානයකි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසල් මුස්තාෆා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඡ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය අමිත් ගුප්තා, ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ ලේකම් වෛද්‍ය රුවන් සිල්වා, හිටපු සභාපති වෛද්‍ය යූ.ඩී.පී රත්නසිරි මහතා ඇතුලු ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ සාමාජිකයින් රැසක් එක්ව සිටියහ.
– ප්‍රසන්න අධිකාරි
ඉංග්‍රීසි පාලන සමයේ රට පාවා දුන්න කලු සුද්දන්ට තාන්න මාන දුන්නෙත් මේ වගේ තමා
This bugger is one the biggest rogues in the Sri Lankan parliament.
මේ මනුස්සයා කරපු එක හොඳක් වත් දකින්නේ නැත්තේ ඇයි ?මොනතරම් දෙයක් අසරණ රෝගීන් වෙනුවෙන් කරලා තියෙනවද?කුහක වෙන්න එපා.හරිදේට හරි කියන්න.
කොහේද බන් ළමා සෞඛ්‍ය සේවාව ඉහළ නැංවල තියෙනේ ?