අවුරුදු 05කට විදුලිය මිලට ගන්න කැබිනට් යෝජනාවක්.. (මෙම මුදලින් නොරොච්චෝල වැනි බලාගාර 05ක් සෑදිය හැකියි…)
April 10, 2019 at 3:50 pm | lanka C news
වසර පහක කාලයකට විදුලි බලය මිලදී ගැනීම සඳහා වූ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඇමති රවී කරුණානායක විසින් ඊයේ දිනයේ ඉදිරිපත් කර ඇත.
නමුත් මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට අවශ්‍ය බැවින් එම තීන්දුව ගැනීම අප්‍රේල් මස 23 දක්වා කල්දමා තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලිබල අමාත්‍යංශයේ ඉහල නිලධාරියෙකු කියා සිටියේ වසර පහක කාලයකට විදුලිබල මන්ඩලය විදුලිය මිලට ගන්නේ නම් ඒ සඳහා අති විශාල මුදල් ප්‍රමාණයක් වියදම් වනු ඇති බවයි.
එම මුදලින් නොරොච්චෝල බලාගාර පහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඉදි කළ හැකි බවද ඔහු කියා සිටියේය.
මේ අතර මාස හයක කාලසීමාවක් සඳහා වශ්‍ය විදුලිය මෙගාවොට් 100 ක ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා ඇමති මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.
එම විදුලිය ලබා ගැනීමේ බි්රතාන්ය, ඩුබායි, හොංකොං සමාගම් තුනකින් සිදු කිරීමට නියමිතය.
මේවාට වගකිව යුතු දූෂිත දේශපාලනඥයින් පමණක් නොවේ. ලංවිමට සිය මහජන සේවය නිසි පරිදි ඉටු කර ගෙන යාමට ඉඩ නොදෙන ඊනියා පරිසරවේදීන් පිළිබඳ රටට හෙළි කළ යුතුයි. ඔවුන් එක්ස්පෝස් කළ යුතුයි.
Awurudu 5k ma wahinne nadda ? Raviyata gana labena nisa oya pol pooruwa owage wada karanawa.koheda ithuru 224tath owa therena ekakya..
මොලේ කලදක් නැති ගොන් හරක් තමන්ගේ වාසිය ගැන හිත හිත රට පාලනය කරනකොට ඉතින් රටේ මිනිස්සු දුක් විදින එක ගැන මොන කතාද?