අවුරුදු 09ක දැරියක් ටිපර් රථයකට බිලි.. ප්‍රදේශවාසීන් කෝප වෙයි.. උණුසුම් තත්වයක්..

November 7, 2019 at 12:00 pm | lanka C news
අවුරුදු 09ක දැරියක් ටිපර් රථයකට බිලි.. ප්‍රදේශවාසීන් කෝප වෙයි.. උණුසුම් තත්වයක්..

වව්නියාව, හොරොව්පතාන ඒ 32 මාර්ගයේ කුඩිරිප්පු මංසන්ධිය අසළ දී වයස අවුරුදු 9ක පාසල් දැරියක් මාර්ගයේ ගමන්ගත් ටිපර් රථයකට යට වී ජීවිතක්ෂයට පත්ව ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.

හොරොව්පතාන සිට කිලිනොච්චිය දක්වා ගමන්ගත් කළුගල් පැටවූ ලොරි රථයකට මෙම  පාසල් දැරිය යට වීමෙන් මිය ගොස් ඇත්තේ වව්නියාව තිරුණාවකුලම් පදිංචි සුරේෂ් ප්‍රියාංගා (09) නැමති වව්නියාව සයිවප්‍රකාශ විද්‍යාලයේ 4වන ශ්‍රේණියේ ඉගෙණුම ලැබූ ශිෂ්‍යාවකි.

තම මව සමඟ කිසියම් කටයුත්තක් සඳහා නගරයට පැමිණ පාර මාරුවීමට උත්සහ කිරීමේදී කලුගල් පැටවූ ටිපර්රථයට යටවී ඇති අතර එහිදී ටිපර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට වව්නියාව පොලීසිය සැක පල කර සිටියි.

අනතුරින් දැරිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට ඇති අතර ප්‍රකෝපවූ ප්‍රදේශවාසීන් විසින් ටිපර් රථයට පහරදී අලාභ හානි සිදුකොට එහි රියදුරුටද පහරදීමට උත්සහ දරා ඇත.

අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් තත්වය පාලනය කොට ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන වව්නියාව පොලීසිය වැඩි දුරටත් පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17,364 Viewers
Main News