අවුරුදු 13 ක දරුවෙක් රුපියල් ලක්ෂයකට අධික මුදල් හා උපකරණ මංකොල්ල කා අත්අඩංගුවට..

July 31, 2019 at 2:08 am | lanka C news
අවුරුදු 13 ක දරුවෙක් රුපියල් ලක්ෂයකට අධික මුදල් හා උපකරණ මංකොල්ල කා අත්අඩංගුවට..

වවුනියාව ඊරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂයකට අධික වටිනාකමින් යුතු මුදල් හා උපකරණ තොගයක් මංකොල්ල කෑමේ සිද්ධියකට සමබන්ධ වයස අවුරුදු 13 ක ළමයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවට වව්නියාව පොලිස් කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය පවසයි.

ඊරට්ටපෙරියකුලම් ප්‍රදේශයේ පදිංචි විදුලිබල මණ්ඩලයේ සේවයේ නිරත අයෙකුගේ නිවසට කොල්ලකරු ඇතුලු වී නිවසේ තිබූ මුදලින් රුපියල් 40,000 ක් හා ජංගම දුරකතන , ඩ්‍රෝණ කැමරා ඇතුලු රුපියල් හැටහතරදහසක් පමණ වටිනා විද්‍යුත් උපකරණ තොගයක් කොල්ල කා ඇති බවට නිවසේ හිමිකරු විසින් ඉරට්ටපෙරියකුලම් පොලීසියට පැමිණිළි කරන ලදි.

අනතරුව ඉරට්ටපෙරියකුලම් පොලීසිය අදාල කොල්ලකරු සොයා පරික්ෂණයක් ආරම්භ කරන අතුරතුර ක්‍රියාත්මක වූ වවුනියාව පොලිස් කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් විසින් පැය 24 ක් යාමට පෙර කොල්ලකරු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

11 views
Main News