අවුරුදු 18ක් පරණ ගුවන් යානා ලඩි තුනක් ණයට ගන්න යයි..
December 28, 2017 at 4:40 pm | lanka C news
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් වසර 18ක් පරණ ගුවන් යානා තුනක් අධික මුලකට ලබා ගැනීමට යන්නේ යයි වාර්තා වෙයි.
අධ්යක්ෂ මණ්ඩලයේ කිසිදු අනුමැතියකින් තොරව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ විසින් තීරණය කර ඇති බව සිරස රූපවාහිනිය විසින් හෙලි කර සිටියේය.
මාස 72කින් ගෙවන කල් බදු පදනම යටතේ වූ මෙම ගිවිසුමට ප්‍රධාන විධායක නිලධාරීවරයා අත්සන් තබා ඇත්තේ අධ්යක්ෂ මණ්ඩලයේ කිසිදු අනුමැතික් නැතිව බවද වාර්තාවේ සදහන් විය.
මේ වන විට ජාතික ගුවන් සේවය බරපතල මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටියි.
එසේ තිබියදී එහි ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ මහතාට රුපියල් මිලියන 10ක ප්‍රසාද දීමනාවක් ගෙවීමට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
ශී‍්‍ර ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා ඥාති සංග්‍රහයක් අනුව යමින් චරිත රත්වත්තේ මහතාගේ සොයුරු, කැප්ටන් සුරේන් රත්වත්තේ මහතා පත් කර ඇත. කැප්ටන් සුරේන් රත්වත්ත ඩුබායි හි ජීවත් වූ අයෙකි.
මේ වන විට අතිශය පාඩු ලබමින් බංකලොත් වීමට ආසන්නයේ සිටිනල ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රිලංකන් ඒයාර් ලයින් සමාගමේ මෑතදී පත්වීම ලැබූ ප්රවධාන විධායක කපිතාන් සුරේන් තම වැටුප රුපියල් මිලියන 4 දක්වා වැඩි කර ගෙන ඇතැයි ශ්‍රී ලංකන් අභ්‍ය න්තර ආරංචි මාර්ග සඳහන් කරනවා
අලුත් ඒවා විකුණලා පරණ ගුවන් යාන ගන්න එක තමා යහපාලානේ කියන්නේ
hon my3saha mr clean ta kiyanna thopi denna parana ladi dala minissu marannada hadanne kalakanniyo denna thopiwa maran merenawa Mona hari unoth