අවුරුදු 3 ක් බිළිඳෙක් ළිඳකට වැටී මිය යයි….
December 13, 2018 at 8:02 am | lanka C news
මුලතිව් කල්ලපාඩු හි පිහිටි ගෙවත්තක අනාරක්ෂිත ළිඳකට වැටී වයස අවුරුදු තුනක පිරිමි දරුවකු මියගොස් ඇති බව මුලිතිව් පොලිසිය පැවසීය.
අසල්වැසි නිවසේ සිටි තවත් දරුවකු සමඟ මියගිය දරුවා සෙල්ලම් කරමින් සිටියදී මෙලෙස ගෙවත්තේ තිබූ අනාරක්ෂිත ළිඳට වැටී ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මුලතිව් , කාල්පාඩු දකුණ ප්රදේශයේ පදිංචි රජින්දන් රද්ශන් (3) නැමති දරුවෙකි.
මියගිය දරුවාගේ පියා ධීවර රැකියාව සඳහා ගොස් ඇති අතර මව නිවස අසල වෙළෙඳසැළක් වෙත ගොස් සිටියදී මෙම අනතුර සිදු වී තිබෙන බවට පරික්ෂණ සිදු කරන මුලතිව් පොලීසිය කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ