අවුරුදු 5ක් වයසැති දැරියක් ළිඳට වැටී මිය යයි…

February 5, 2020 at 2:09 am | lanka C news
අවුරුදු 5ක් වයසැති දැරියක් ළිඳට වැටී මිය යයි…

යාපනය අච්චුවේලී ප්‍රදේශයේ අවුරුදු 05 ක් වයසැති දැරියක් අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් මිය ගොස් ඇති බවට අච්චුවේලී පොලීසිය පවසයි.

අදාල දැරිය නිවසේ ගෙවත්තේ සෙල්ලම් කරමින් සිට ඇති අතර පසුව දෙමාපියන් විසින් දැරිය නොමැතිකමින් සොයා බලද්දි ගෙවත්තේ තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී සිටිනු දැක එම අවස්ථාවේදීම දැරිය ළිඳෙන් ගොඩට ගෙන රෝහල්ගත කොට ඇත.

මෙසේ ළිඳට වැටීමෙන් මිය ගොස් ඇත්තේ ජෙගදීස්වරන් අට්සයා නැමති පස් හැවිරිදි දැරියකි.

දැරිය රෝහලට රැගෙන යන විටත් මිය ගොස් සිටි බවටරෝහල් වෛද්‍යවරුන් පවසා ඇති අතර දෙමාපියන්ගේ නොසැලකිලිමත් බාවය නිසාවෙන් බිළිඳ ජීවිතයක් අහිමි වී ඇති බවට පරික්ෂණ සිදු කරන අච්චුවේලී පොලීසිය වැඩි දුරටත් පවසයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,145 Viewers

One Comment to “අවුරුදු 5ක් වයසැති දැරියක් ළිඳට වැටී මිය යයි…”

  1. Aniwa says:

    There should be a full inspection on all houses to check health and safety. Can easily be done local councils.
    these unfortunate events should not be happen in this day an age.