අවුරුදු 7ක ළමුන් දෙදෙනෙකු වැසි ජලය පිරුනු වලකට වැටී මිය යයි….

November 12, 2018 at 8:02 am | lanka C news
අවුරුදු 7ක ළමුන් දෙදෙනෙකු වැසි ජලය පිරුනු වලකට වැටී මිය යයි….

මන්නාරම තොට්ටවේලී ජෝෂප්වාස් නගර් ගම්මානයේ අවුරුදු 7ක් වයසැති පිරිම් ළමුන් දෙදෙනෙකු ඊයේ (11) දින වතුර වලකට වැටී දියේ ගිලීමෙන් මිය ගොස් ඇති බවට මන්නාරම පොලීසිය කියා සිටියේය.

මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජෝෂප්වාස් නගර් ගම්මානයේ එක් ඉඩමක තිබූ වළකට වැසි ජලය එක් වීමෙන් වළ පිරී පැවති අතර අදාල ළමුන් දෙදෙනා එම වලෙන් දිය නෑමට ගොස් ඇති අතර එහිදී ළමුන් දෙදෙනාම එක වරම වලට පැනීමෙන් මඩේ එරී දියේ ගිලීමෙන් මෙම මරණය සිදුව ඇති බවට මන්නාරම් පොලීසිය සැක පල කොට සිටියේය.

මෙසේ මිය ගොස් ඇත්තේ ජෝෂප්වාස් නගර් ගම්මානයේ පදිංචි හත් හැවිරිදි සෙල්වන් ලිවිසන් හා කනකරාජ් රජිත් නැමති දරුවන් දෙදෙනා බවට හඳුනාගෙන ඇත.

මෙම දරුවන් දෙදෙනා දෙමාපියන් නිවසේ නොසිටි අවස්ථාවක දිය නෑමට ගොස් ඇති බවටද පොලිස් මූලක පරික්සණ වලදී හෙලි වී ඇති අතර දරුවන් දෙදෙනාගේ මළ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා මන්නාරම් රෝහලට ඇතුලත් කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

 

23 views
Main News