අවුරුදූ 10 සම්පුර්ණ සියලු දැරියට ගැබ්ගෙල පිළිකා එන්නත…
July 4, 2017 at 2:07 am | lanka C news
ශ්‍රී ලංකවෙි ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සදහා හියුමන් පැපිලෝමා වෛරස එන්නත ජාතික ප්‍රතිශක්තීකරණ වැඩසටහනට හදූන්වාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවෙි දී සිදූකෙරිනි.
“රෝග නිවාරණය සදහා ප්රතිශක්තීකරණය ඉතාම වැදගත්. 1978 වසරේ එඩිවඩි ජෙනට් මහතා විසින් ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල හදූන්වා දූන්නා. 1886 වසරේ දී ශ්‍රී ලංකාවෙි වසූරිය රෝගය පැතිර ගිය අවස්ථාවෙි දී බ්‍රිතාන්‍ය රජය එම එන්නත් ලබා දීම අනිවාර්යය කළා. එන්නත් වැඩපිළිවෙල මෙි වනවිට සියයට 100 ක් සාර්ථකව සිදූ වෙනවා.
වසර 30 ක් පැවැති යුධ වාතාවරණයේ දී එන්නත් වැඩපිළිවෙල උතුරු නැගෙනහිර නිසි අයුරින් සිදූ කෙරුනා. අවසන් සටන පැවැති නන්දිකඩාල් කළපුවෙි දී පැමිණි ජනතාව ද තම දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ කාඩිපත රැගෙන එනු ලැබුවා. එම නිසා ප්‍රතිශක්තීකරණ වැඩපිළිවෙල පිළිබදව වෛද්‍යවරු ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල හොදින් ජනතාව දැනුවත් කර තිබෙනවා.
පාර්ලිමෙින්තුව විසින් ජාතික ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තිය සම්මත කර තිබෙනවා. ගැබිගෙල පිළිකා එන්නත ලබාදීම ඓතිහාසික අවස්ථාවක්. සෞඛ්‍ය වාර්තාවලට අනුව වාර්ෂිකව කාන්තාවන් 850 ක් ගැබිගෙල පිළිකාවලට ගොදූරු වෙනවා. එය ඉදිරියේ දී තවත් වැඩිවෙන්න පුලුවන්. මෙම එන්නත වයස අවුරුදූ 10 සම්පුර්ණ වූ සියලු දැරියන්ට ලබාදෙන්න. මූල්‍ය අර්බුද ගැන හිතන්න එපා. රුපියල් ශත වලින් මැනලා ප්රතිශක්තීකරණය කරන්න බැහැ. සියලුම දැරියන්ට එම එන්නත ලබාදීමට පිළිබදව ඇති හැකියාව ගැන වාර්තාවක් කඩිනමින් සකස් කරන්න.
ඩෙංගු උවදූර ද විශාල ප්‍රශ්ණයක්. ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරිම සදහා ප්‍රංශය නව එන්නතක් සොයාගෙන තිබෙනවා. එය අත්හදා බැලුවත් ගැටලු තිබෙනවා. ප්‍රංශ තානාපතිවරයා මෙි පිළිබදව මා සමග කථා කළා. නිවැරදි එන්නතක් සොයා ගැනීමට තවත් කාලයක් ගත වෙයි.”
මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය
wada behethakda danne natha…….
ou sure karanna barima baddak thama mei, ai danne naha Rata jathiya aagama gana mechchara wairayak.
මෙන්න මේ මනුස්සයාත් එඩිතර වැඩක් කරලා !