අශෝක අබේසිංහ දෙවන දිනටත් රහස් පොලිසිය මගහැර සැගවේ.. පාස්කු ප‍්‍රහාරයේ ප‍්‍රබලම සාක්‍ෂිය ඔහු සතුයි..

March 9, 2021 at 5:30 pm | lanka C news
අශෝක අබේසිංහ දෙවන දිනටත් රහස් පොලිසිය මගහැර සැගවේ.. පාස්කු ප‍්‍රහාරයේ ප‍්‍රබලම සාක්‍ෂිය ඔහු සතුයි..

අද දිනයේ රහස් පොලිසිය හමුවට කැඳවා තිබූ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා එහි පෙනී සිටියේ නැත.

අද දෙවන දිනට ද ඔහු එම දෙපාර්තමේන්තුව මග හැර තිබූ අතර ඔහුගේ නීතිඥයා පමණක් එහි අද දිනයේ පැමිණියේය.

පාස්කු ප්‍රහාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ බවට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව රහස් පොලිසියේ පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණයට අනුව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ඔහු අද හා ඊයේ දෙදිනම කැඳවා තිබුණද ඔහු පෙනී සිටියේ නැත.

33,361 views
Main News