අෂික වර්ෂාවෙන් කාසල්රි වාන් දමයි.. කැළණි ගගේ ජල මට්ටම ඉහලට…
October 12, 2019 at 8:02 am | lanka C news
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලෙන අධික වර්ෂාවත් සමගම කාසල්රි ජලාශය පිටාර මට්ටම ඉක්මවා යාමෙන් එම ජලාශය අද (12) අලුයම සිට වාන් දැමිමට පටන්ගෙන ඇති එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.
අක්කර අඩි හැට අටදහසක වපසරියකින් යුත් කාසල්රි ජලාශය වසරකට පමණ පසුව වාන් දමන බව විදුලි බල මණ්ඩලය කියා සිටියේය.
කාසල්රි ජලාශය වාන් දැමිමත් සමග ඊට පහලින් වු විමලසුරෙන්ද්‍ර ජලාශයද වාන් දැමිමට පටන්ගෙන ඇති අතර එම ජලාශ දෙකම වාන් දැමිම නිසා කැළණි ගගේ ජල මට්ටමද තරමක් ඉහල ගොස් ඇති බව විදුල බලාගාර ඉංජිනේරුවන් කියා සිටියේය.
මවුස්සාකැලේ ජලාශයට පිටාර මට්ටමට ආසන්න වි ඇත.
Natural blessings of gotabhaya’s arrival!