අසභ්‍යය දර්ශන සහිත සංයුක්ත තැටි තොගයක් සමග සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට….

November 24, 2019 at 2:04 am | lanka C news
අසභ්‍යය දර්ශන සහිත සංයුක්ත තැටි තොගයක් සමග සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට….

කොළඹ සිට හැටන් හරහා වැලිමඩ දක්වා අසභ්‍යය දර්ශන සහිත සංයුක්ත තැටි (නිල් චිත්‍රපට) තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් කොට්ඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේ සිදු කල හදිසි පරික්ෂාවකදි කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වු මොටර් රථයක් පරික්ෂා කිරිමේදි මොටර් රථය තුල අසභ්‍යය දර්ශන සහිත නිල් චිත්‍රපටි සහිත සංයුක්ත තැටි 1550 ක් තිබි පොලිස් භාරයට ගත් බවයි වැටලිම සිදු කල කොට්ඨාශ දුෂන මර්දන ඒකකයේ නිලධාරින් කියා සිටියේ.

45 හැවිරිදි  සැකකරු වැලිමඩ ඇතුළු ප්‍රධාන නගර කිහිපයකම සංයුක්ත තැටි අලෙවි කරන වෙලදසැල් වලට මෙම අසභ්‍යය නිල් චිත්‍රපටි සහිත සංයුක්ත තැටි අලෙවි කිරිමේ ජාවරමේ නිතරව සිටින අයෙකු බව කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

110 views