අසමසම විලි ලැජ්ජාවක්.. ශ‍්‍රී ලංකාව ඉනිමකින් පරාදයි.. තරගාවලිය 3-0කින් පරාදයි..

August 14, 2017 at 3:01 pm | lanka C news
අසමසම විලි ලැජ්ජාවක්.. ශ‍්‍රී ලංකාව ඉනිමකින් පරාදයි.. තරගාවලිය 3-0කින් පරාදයි..

සංචාරක ඉන්දීය පිල සමග මහනුවර පල්ලෙකැලේ පිටියේදී පැවති තුන්වන සහ අවසාන ටෙස්ට් තරගයෙන්ද ශ‍්‍රී ලංකා පිල ඉනිමකින් හා ලකුණු 171කින් පරාජයට පත් විය.

තරගයේ මුල් ඉනිම සදහා ඉන්දීය පිල සියළු දෙනා දැවී ලබා ගත් ලකුණු 487ට පිලිතුරු ලෙස ශ‍්‍රී ලංකා පිල සියල්ලන් දැවී මුල් ඉනිමේ ලකුණු 135ක් හා දෙවැනි ඉනිමේ ලකුණු 181ක් ලබා ගත්තේය.

තරගය දින දෙකහමාරක් තුලදී අවසන් වීමද විශේෂයකි.

මේ පරාජයත් සමග ශ‍්‍රී ලංකා පිලට 3-0ක් ලෙස දැවැන්ත පරාජයක් ටෙස්ට් තරගාවලියේදී අත්විය.

102 views
Main News