අසරණ ගොවීන්ගෙන් වී ගෙන මිලියන ගණණක අගරු චෙක්පත් දෙයි…

March 18, 2019 at 8:02 am | lanka C news
අසරණ ගොවීන්ගෙන් වී ගෙන මිලියන ගණණක අගරු චෙක්පත් දෙයි…

මෙවර මහකන්නයේ ගොවිතැන් කරන ලද ගොවීන්ගෙන් වී මිලදී ගෙන මුදල් වෙනුවට රුපියල් ලක්ෂ 31 කට අධික මුදලක් වටිනා අගරු චෙක් ලබා දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට වව්නයාව පොලිස් නොවිසුඳුනු අපාරාධ විමර්ශන ඒකකය කියා සිටියි.

වව්නියාව ශාස්ත්‍රීපුලම් කුලම් ප්‍රදේශයේ පදිංචි ගෙවියෙකු විසින් වව්නියාව පොලීසිය දමන ලද පැමිණිල්ලකට අනුව අදාල සැකකරු රුපියල් තිස්එක් ලක්ෂ තිස්තුන්දහසක මුදලක් වෙනුවට අගරු චෙක්පතක් ලැබීම හේතුවෙන් ඒ ඔස්සේ පරික්ෂණ ඇරඹු වවුනියාව පොලිස් නොවිසුඳුනු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අදාල සැකකරු කෝවිල්කුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

සැකකු වව්නියාව කෝවිල්කුලම් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු වූ අතර අදාල සැකකරු මීට පෙරද මෙලෙසින් ගොවීන්ට අගරු චෙක්පත් ලබා දී වංචා සිදු කොට ඇති බවට පොලීසිය විසින් අනාවරනය කොට ගෙන ඇති අතර සැකකරු වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

47 views

One Comment to “අසරණ ගොවීන්ගෙන් වී ගෙන මිලියන ගණණක අගරු චෙක්පත් දෙයි…”

  1. Love nature says:

    අනුන් රවටන්නා තමන් ඊට වඩා සිතින් රැවටී සිටින බව නොදනී.

Main News