අස්ගිරි නාහිමිට මාධ්‍ය හමු පවත්වා අපහාස කල භික්ෂුව කොලු පැටවු දෙදෙනෙකු දුෂණය කර බරපතළ වැඩ සහිතව තුන් අවුරුද්දක් හිරේ දමයි..
July 10, 2017 at 10:37 pm | lanka C news
පැවිද්දෙකු ලෙස පෙනි සිටි හිමි නමක් සමාජ විරෝධී ක්‍රියා සම්බන්ධව වරදකරු බවට පත් කොට හිමිනමකට බරපතළ වැඩ සහිතව වසර 3 ක හිර දඩුවමක් මෙන්ම රුපියල් ලක්ෂයක දඩයක් මහාධිකරණ නඩුවකදි නියම කලේය.
පිරිමි දරුවන් දෙදෙනකු අපයෝජනය කිරිම සම්බන්ධව නඩුව පවරා තිබුණ අතර රජයේ නීතිඥවරයා විසින් එම චෝදනාවන්ට මෙම හිමිනම වැරැදිකරු බව සැකයෙන් තොරව ඔප්පු කිරීම නිසා කොළඹ මහාධිකරණ විනිශ්චයකාරතුමා විසින් මෙම හිමිනමට මෙසේ බරපතළ වැඩ සහිතව තුන් අවුරුදු සිර දඩුවම් නියම කලේය.
පසුගිය දා මෙරටේ අති පූජනිය අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමිපාණෝ විසින් ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධනයට සහ අතුරුදහන් කිරීමේ පනතට විරුද්ධව කල ප්‍රකාශයට එරෙහිව මෙම හිමිනම ඇතුළු හිමිවරුන් පිරිසක් දැඩි ලෙස පෙනි සිටිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අත්‍යවශ්‍ය බව පැවසීය.