අස්වුනා කිවුවට දිල්රුක්‍ෂි තාමත් වැඩ.. අස් නොවෙන්මයි වගේ හිත…

October 19, 2016 at 9:20 am | lanka C news
අස්වුනා කිවුවට දිල්රුක්‍ෂි තාමත් වැඩ.. අස් නොවෙන්මයි වගේ හිත…

දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය පෙරේදා දිනයේ අල්ලස් හෝ දුෂණ විමර්ශණ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වුවත් මේ වන විටත් එම කොමිසමේ රාජකාරි කරමින් සිටින්නේ යයි වාර්තා වෙයි.

ජනාධිපතිවරයා වෙත යවනු ලැබූ ඇගේ ඉල්ලා අස්වීමේ ලිපියට මෙතෙක් ප‍්‍රතිචාර නොලැබීම නිසා ඇය මෙසේ රාජකාරියට වාර්තා කරන බවද දැනගන්නට ඇත.

මේ අතර කොමිසමේ ඉදිරි ගමන ගැන සාකච්චාවක්ද ඊයේ දිනයේදී එහිදී පවත්වා ඇත.

සාමාන්‍යයෙන් ඉල්ලා අස්වීමකදී අදාල ලිපිය යොමු කල පසු එය පිලිගත්තද නැතද සේවයට වාර්තා කිරීමක් සිදුවන්නේ නැති තරම්ය.

දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහට පමණක් අදාල වන සේ වැටුප්, දීමනා ඉහල දැමීමක් හා වැටුප් දෙකක් ලබා ගැනීමට පසුගියදා කැබිනට් අනුමැතියද ලබා දුන්නේය.

46 views
Main News