අසාද් සාලි අමාරුවේ.. පාස්කු බෝම්බ කොමිසමේ ඔහුගේම සාක්‍ෂි පරස්පර වේ..

January 22, 2020 at 11:20 am | lanka C news
අසාද් සාලි අමාරුවේ.. පාස්කු බෝම්බ කොමිසමේ ඔහුගේම සාක්‍ෂි පරස්පර වේ..

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ලබාදුන් සාක්ෂියට සම්පූර්ණ පටහැනි සාක්ෂියක් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ලබාදුන් බවට ඊයේ (21 වැනිදා) රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුහර්ෂ හේරත් ජනාධිපති කොමිසමට පැවසුවාය.

මේ පිළිබඳව පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමේ දැඩි අවධානය යොමුවූ අතර (c151) වශයෙන් එම සාක්ෂිය ලේඛනගත කිරීමට කොමිසම කටයුතු කළේය.

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ඊයේ (21 වැනිදා) පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට සාක්ෂි ලබාදීමට පැමිණියේය. එහිදී රජයේ අධිනීතිඥවරිය 2019 ජුනි මස 11 වැනි දින පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අසාද් සාලි ලබාදුන් සාක්ෂියක් පිළිබඳව ඔහුගෙන් සාක්ෂි විමසා සිටියාය.

එහිදී රජයේ නීතිඥවරිය විමසා සිටියේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයගේ නාමලේඛනයක් තමාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ තවත් බුද්ධි අංශ නිලධාරීන් සතියකට පෙර රැස්වීමක් කැඳවා සාකච්ඡා කළ බවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ලබාදුන් සාක්ෂිය සත්‍යද යන්නයි.

එහිදී බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි කියා සිටියේ තමා එසේ රැස්වීමක් පාස්කු ප්‍රහාරය සිදුවීමට සතියකට පෙර අදාළ නිලධාරීන් සමග නොපැවැත්වූ බවත්, එම රැස්වීම පැවැත්වූයේ ප්‍රහාරයෙන් සතියකට පසුව බවත්ය.

එසේම මෙම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ගේ නාමලේඛනය තමාට සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලබාදුන්නේ ප්‍රහාරය සිදුවූ දින බවත් ඔහු කොමිසම හමුවේ කියා සිටියේය. ඒ අනුව රජයේ අධිනීතිඥවරිය කොමිසමට ප්‍රකාශ කළේ අසාද් සාලි විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ලබාදුන් සාක්ෂියට සම්පූර්ණ පටහැනි සාක්ෂියක් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ලබාදුන් බවට ප්‍රකාශ කරන බවය.

– aruna

39,096 Viewers

8 Comments to “අසාද් සාලි අමාරුවේ.. පාස්කු බෝම්බ කොමිසමේ ඔහුගේම සාක්‍ෂි පරස්පර වේ..”

  1. kkuruwita says:

    මේ සිංහල විරෝධී අපතයට සිරිසේන අග්‍ර්‍රාණ්ඩුකාරකමක් දුන්නනෙ දෙයියනේ !!!!. දෙන්නම තවත් ජනතාවට කොරන්න ඉල්ලන එකයි විහිළුව.

    • ඩපයා says:

      අරූ අමාරුවේ මූ අමාරුවේ කිව්වට එහෙම කිව්ව එකෙක්වත් තාම හිරේ ගියේ නැත. මහා මාද්‍ය සංදර්ශන මැද්දේ දවස් දෙක තුනකට රිමාන්ඩ් කොරපු උනුත් ඔක්කොම ඇප පිට එළියේ.

      • Dilshan says:

        Slower is steadier will bring in lasting results.

        • 👺👺👺👺👺👺👺😈🐷 says:

          අපේ පාස්කු ඉරිදාව මළගෙයක්ම කලේ මෙයා
          වෙසක් පෝය සැමරීම තහනමට මුලත් මෙයා
          රාමධාන් සමරනු ආරක්‍ෂක විධිවිධාන දී මෙයා
          දඟලති අප රටත් අරාබි කූරාණ කරන්ට මෙයා

          🐷😈🐷😈🐷😈🐷😈🐷😈🐷😈🐷😈🐷

  2. kamal says:

    පස්වන ප්‍රශ්නය භුමිකාව අයිතිවාසිකම් හා නිතිය පටලවා ගැනිම
    මිට සිගාලෝවාද සුත්‍රය කිය විය යුතුයි. එක් වෙලාවක අපි දෙමව්පියෝ තව වෙලාවක දරුවෙක් තව වෙලාවක අය්යා කෙනෙක් තව වෙලාවක මිත්‍රයෙක් තව වෙලාවක ශ්‍රාවකයෙක් තව වෙලාවක රට වැසියෙක් තව වෙලාවක වෙනත් රටකදි විදේශිකයෙක් නමුත් භුමිකා කිපයක් රගපාන අපි එය හරියට කල යුතුයි. මෙම භුමිකා වලට යම් කිසි අධිකරණ ව්‍යවස්ථා හා විධායක බලයක් හිමිය. එය රටේ නිතිය හා ගැටෙන්නෙ එම භුමිකාව උල්ලංඝනය කලොත් පමණි. නැතිනම් නිතියෙන් දඩුවම් කල නොහැක.

  3. සිංහල බන්ඩා says:

    සැලියා සහරාන් වගෙම නමුත් කපටි ජිහාඩියෙක්.

  4. Chinthana says:

    Even those culprits are still out side the Jail ….., they are staying within the fire wall…. Burning ,… Burning,,,, Burning …. No satisfaction of life. …. They have to given -up their life too……..

  5. Wewegadara Appuhamay says:

    Assad Sally is ISIS political terrorist of back by Islam fundamentalist of extremist .
    Ex-President that MS being covered operation of 21/4 Muslim attack behind by Assad Sally .

    The UNP and Muslim Terrorist in one of the same boat of politics that Assad Sally also joint operation of 21/4 Terrorist attack ? Lost of 300 People and 500 causalities are responsibilities and accountability by Whom ?
    Is Assad Sally one of them ! We need punishment to political that Islam terrorist from court of Law

Main News