අසාද් සාලි ජාතිවාදීයි.. ඔහු නිසා බරපතල තත්වයක් ඇති විය හැකියි..

April 24, 2017 at 6:48 pm | lanka C news
අසාද් සාලි ජාතිවාදීයි.. ඔහු නිසා බරපතල තත්වයක් ඇති විය හැකියි..

ජාතික සමගි පෙරමුනේ නායක අසාද් සාලිගේ හැසිරීම ජාතික සමගියට බරපතල ගැටලූවක් වී ඇතැයි රාජ්‍ය ඇමති පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ විල්පත්තු සිදුවීම මුල් කර ගනිමින් ඔහු විසින් සිදුකරන ජාතිවාදී ප‍්‍රකාශ නිසා බරපතළ තත්ත්වයක් මතුවිය හැකි බවයි.

මෑතක සිට අසාද් සාලි හැසිරෙන ආකාරය ගැන බලවත් අවධානය යොමු කල යුතු යයිද පවසන ඇමතිවරයා විල්පතුව මායිමේ ප‍්‍රදේශ රක්ෂිත වනාන්තර ලෙස ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් පත‍්‍රය නිකුත් කිරීමෙන් පසුව ඊට විරෝධය පෑමට ඔහුට කිසිදු අයිතියක් නැතැයිද සදහන් කරයි.

126 views
Main News