අසාද් සාලි පාස්කු බෝම්බ කමිටුව ඔළුවෙන් හිටවයි.. වරද ආණ්ඩුවේ යයි කියයි.. කමිටුව කෝප වී අවස්ථා කිහිපයකම විරුද්ද වෙයි… දැඩි අවවාද කරයි.. [Video]

June 11, 2019 at 10:16 pm | lanka C news
අසාද් සාලි පාස්කු බෝම්බ කමිටුව ඔළුවෙන් හිටවයි.. වරද ආණ්ඩුවේ යයි කියයි.. කමිටුව කෝප වී අවස්ථා කිහිපයකම විරුද්ද වෙයි… දැඩි අවවාද කරයි.. [Video]

පාස්කු ඉරිදා දිනයේ මෙරට ස්ථාන කිහිපයකට එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාර ගැන කරුණු සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ බස්නාහිර පලාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද දිනයේ සාක්‍ෂි ලබා දෙන ලදී.

සහරාන් හෂීම්ගේ නායකත්වයෙන් යුතු ජාතික තවුහිත් ජමාත් සංවිධානයට තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු හිටපු ඇමති ඒ.එච්.එම්. හලීම්ගේ සහෝදරයෙකු වන සායිම් නැමැත්තාගේ සහයෝගය ලබා දුන් බවද ඔහු සදහන් කලේය.

කාත්තාන්කුඩි පොලීසිය මා එකට ජාතික තවුහාද් ජමාද් සංවිධානය වැඩ කළ බවත් 2017දී සහරාන් විසින් කාත්තන්කුඩියේ පාරම්පරික මුස්ලිම් ජනතා නිවාස 120 ක් ගිනි තැබුවේ යයිද සදහන් කලේය.

පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ප‍්‍රහාරයන් හේතුවෙන් සම්පූර්ණ මුස්ලිම් ජනතාවම ත‍්‍රස්තවාදීන් කර ඇති බවත් එහි වගකීම ආණ්ඩුව විසින් බාර ගත යුතු බවද ඔහු සදහන් කල අතර තේරීම් කාරක සභා සාමාජිකයන් එම ප‍්‍රකාශයට විරෝධය දැක්වීය.

අවස්ථා ගණනාවකදී අසාද් සාලිගේ සාක්‍ෂි දැක්වීම සම්බන්ධයෙන් තේරීම් කාරක සභා සාමාජිකයන් විසින් විරෝධතා දක්වන ලද අතර අවවාද කිහිපයක්ම සිදු කරන ලදී.

74,020 Viewers

11 Comments to “අසාද් සාලි පාස්කු බෝම්බ කමිටුව ඔළුවෙන් හිටවයි.. වරද ආණ්ඩුවේ යයි කියයි.. කමිටුව කෝප වී අවස්ථා කිහිපයකම විරුද්ද වෙයි… දැඩි අවවාද කරයි.. [Video]”

  1. හිච්චිමහත්තෙයා says:

    ගාගත්තා නෙවිද හත්පොලේ අම්මපා!
    😂😂😂😂🙂🙂🙂

    • දේවක says:

      ගෝටා සහරාන්ලට පඩි ගෙවපු එකත් කිවා. 😀

      • සකල බුජං says:

        උඹත් අනාගන්නව නේද​?බුද්ධ මන්දික දේවක​.

  2. Isthulla is a not terrorists says:

    ඉල්ලන් නෙ කෑවේ.ජනාදිපති විතරක් නෙවේ අගමැති ප්‍රමුක යූ ඇන් පී ආණ්ඩුවත් මේ සංවිධාන ඇති වෙනවා බලන් සිටි හිටපු ජනපති මහින්දත් වැරදියි.සියලු දෙනා 21 ප්‍රහාරයේ වගකීම් භාර ගත යුතුයි.

    • Kamal says:

      ඇයි ජෝර්ජ් රජ්ජුරැවන්ගේ පොලිසිය ? ඒකටත් US UK වලින්ම ඕඩරස් ඇවිල්ලා අපි භීෂණය ඇති කරන්න ගෘෘප් එකක් ෆෝම් කරනවා ඉස්ලාම් හලාල් ලේබලය ගහලා.. ඒගොල්ලනගේ වැඩ කටයුතු වලට බාධා නොකර උපරිම සහයෝගය දෙන්න කියලා ..ඉතිං ජෝර්ජ් රජ්ජුරැවන්ගේ පොලිසියේ ජෝන්ලාට මේ ත්‍රස්තවාදින් ගැන කියන්න යන එකේ තේරැමක් නැත.

  3. හිච්චිමහත්තෙයා says:

    හිස්බුල්ලත් කැඳවනවැයි?
    🙂

  4. UD says:

    සරත් ෆොන්සේකා ඉන්න හින්දා තමයි පොඩ්ඩක් හරි මේ සභාව ගැන විශ්වාසයක් ජනතාවට තියෙන්නේ…
    නමුත් සමස්ථය ගැන ජනතාවට ඇත්තේ අවිශ්වාසයකි…

  5. Asaranaya says:

    කොන්දක් ඇති මිනිහෙක් මොනවා කිව්වත්.

    • HOO ! says:

      අනුන්ගේ නම් හොරකං කරන් ලියන තොටත් හිතෙන දේවල්

  6. Kandy says:

    මතක් කර ගතයුතු කාරණයක් නම් උඩරට වීරෝධාර ජනතාව ජනතාව සමග සටන් වැද සිවිල් ජනතාව දස දහස් ගණනින් ඝාතනය කර ගම් බිම් කුඹුරැ ගිනිබත් කර භීෂණයෙන් හා ත්‍රස්තවාදයෙන් මේ රට අත්පත් කර ගත් ආක්‍රමණික බ්‍රිතාන්‍යය මිලිටරියම යටත් විජිත සමයේ Ceylon හමුදාව හා පොලිසිය බවට පත් වූ බවයි.
    බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ලංකාවේ පිහිටවූ Ceylon හමුදාව හා පොලිසියම වත්මන් ශ්‍රී ලංකා හමුදාව හා පොලිසිය බවට පත් වූ බව අද බොහෝ දෙනාට අමතක කරැනකි.බටහිර විසින් ලංකාව තම සාර්තකම නව යටත් විජිතය වශයෙන් තවමත් වත්වාගෙන යන්නේ ඉතාමත් කපටි ලෙස දේශීය චිත්‍රයක් ආරෑඩකර මෙම ආයතන දෙක ඉතාමත් සූක්ෂමව නොපෙනෙන හස්තයකින් හසුරවමිනි.තම මව් බිමේ ආක්‍රමණිකයාගේ ඇඳුම්,නිල ලාංචන වර්ණ පැළදගත් කල ඇතිවන විකට රෑපයටත් වඩා ඇතිවන විකට මනස ඛේදවාචකයක් නොවේද?

  7. චන්ද්‍ර says:

    අසාඩ් සාලි මහතා පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ ආන්ඩුව බව ප්‍රකාශ කල සැනින් ‘ස්වාදීන කාරක සභාව’ කුලප්පු වන්නේ කෙසේද? විනයානුකූල පිලිවෙල අනුගමනය කලයුතු බව කියන ෆොන්සේකා මහතාද කුල්ලප්පු වන අයුරු පෙනී යයි! මෙවැනි කාරක සභාවක් ප්‍රහාරයෙන් මිය ගිය සහ තුවාල ලැබුවන් සහ ඔවුන්ගේ නෑ දෑ හිතවතුන්ට කරණ මහඟු අගෞරවයෙකි.

Main News