අසාද් සාලි වයස අවුරුදු 12ක දැරියක් විවාහ කර ගැනීමේ මානසික ව්‍යාධියකින්..

March 12, 2021 at 3:24 am | lanka C news
අසාද් සාලි වයස අවුරුදු 12ක දැරියක් විවාහ කර ගැනීමේ මානසික ව්‍යාධියකින්..

රටේ නීතියට ප්‍රසිද්ධියේ අභියෝග කරන, වසර 12ක දැරියක විවාහ කර ගැනීමේ මානසික ව්‍යාධියෙන් පෙළෙන අසාද් සාලි නැමැත්තාට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ ඉල්ලා සිටියේය.

තමන් රටේ පවතින නීතියට ගරු කරන්නේ නැති බවත් එය තමන්ට අදාළ නැති බවත් තමන් පිළිගන්නේ මුස්ලිම් නීතිය පමණක් බවත් පවසමින් අසාත් සාලි නැමැත්තා මේ රටේ නීතිගරුක පොදු ජනතාවට සහ තමන්ගේ අන්තවාදී මතවාදයට එරෙහි වන අයට දැඩි තර්ජනයක් සිදුකර ඇතැයි ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා මෙහිදී සඳහන් කළේය. අප 21 වන සියවසේ ජීවත් වුවත් අසාත් සාලිලා තවමත් ජීවත් වන්නේ ගෝත්‍රික යුගයේ බව පෙන්වා දුන් මොහොමඩ් මුසම්මිල් මහතා මෙම පුද්ගලයා වයස 12ක දැරියක විවාහ කර ගැනීමේ මානසික ව්‍යාධියෙන් පෙළෙන අයකු බව ද පැවසීය.

සැමට එක් නීතියක් මිස මේ රටේ එක් එක් පුරවැසියන්ට එක් එක් නීති පැවැතිය නොහැකි බවත් ජාති, ආගම්, කුල ආදී වෙනස්කම් මත වෙනම නීති, වෙනම අධිකරණ, වෙනම අධ්‍යාපන පද්ධති අවශ්‍ය නොවන බවත් අවධාරණය කළ මුසම්මිල් මහතා එක් එක් ජනකොටස්වලට තම සිරිත් විරිත්, සංස්කෘතික අනන්‍යතා පවත්වාගෙන යාමට ඉන් කිසිදු බාධාවක් නොවන බවත් වැඩිදුරටත් පැවසීය.

අසාත් සාලිලා වැනි අන්තවාදීන්ට අවශ්‍ය ඇඳුමින්, ආහාර භාවිතයෙන්, උසාවි භාවිතයෙන් මුස්ලිම් ජනයා සෙසු ජනයාගෙන් වෙන් කිරීමට බවත් මේ පටු බෙදීම් හදන අන්තවාදීන් පිරිස හෙට දිනයේ ඒ ඔස්සේ ‘සහරාන්ලා පැටව් ගසන තෙක්’ බලා සිටින බවත් ඒ අනතුරින් මුළුමහත් ජාතියම බේරා ගැනීම අප කාගේත් වගකීමක් බවත් මුසම්මිල් මහතා වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළේය

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

50,576 views

17 Comments to “අසාද් සාලි වයස අවුරුදු 12ක දැරියක් විවාහ කර ගැනීමේ මානසික ව්‍යාධියකින්..”

  1. Theeraka says:

    Muslims are jumping sky high. The President remains dumb! Gota has failed miserably. He promised heaven he is giving hell. Don’t ruin further, give up and vanish to your native place, the US.

    • Tomba says:

      You are wrong. Muslins were jumping sjy high when Yahapalana idiots were in power. Assad Sali got arrested you fool! Read the papers ir watch news!

  2. Kadiya says:

    අපේ අතුරු පාරේ ඉන්න බල්ලෝ කිසිම සදාචාරයක්, නීතියක් තඹේකට නොසලකා රාත්‍රී කාලයේ පාර පුරා මල පහකරති. උන් එහෙම කලාට උන්ව දවල්ට දකින කිසිවෙක් උන්ට දවල් කාලයේ පහර නොදෙති, ඒ බල්ලන්ට සදාචාරයක්, නීතියක් නැතිබව මිනිස්සු දන්නා නිසාය. බල්ලෙක්, ඌරෙක්හිවලෙක් වගේ හැසිරෙන අසාද් සාලි දෙසද බැලිය යුත්තේ බල්ලන් ඌරං දෙස බලන ඇසිනි, ඒ කෝණයෙනි. මුන්ගේ ආගම විසින්ම උන් තබා ඇති ස්ථානය එයයි. මේ ලෝකය මැවූ දෙවියන් මිනිස් කයක්-තිරිසන් මනසක් ඇතිව මේ පොලව මත ඉපදෙන සත්ව කොට්ඨාශය හඳුන්වන්නේ අසාද් සාලිගේ සහෝදරයන් ලෙසය.

  3. Janaka says:

    Asad sali is not doing anything wrong having sex with a 12 yrs old girl.His guru most perfect prophet Mohammed used 06 yrs old baby girl Aysha for sex when he was 58 years old.So being a good muslim he has done something great according to islam.

Main News