අසාධ්‍යව සිටි සිය මවට දෙළුම් සොයා ආ පුතු රිය අනතුරකින් මිය යයි.. මවද මිය ගියාය..
August 20, 2017 at 12:40 pm | lanka C news
මරනාසන්නයේ සිටි මවට දෙළුම් ගෙනෙනේනට ගිය පුතු දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගොඩගම පිවිසුම් දොරටුව අභියස දී පසුගිය 16 දා සිදු වු අනතරකින් මිය ගොස් ඇත. සිය යතුරු පැදියේ තවත් යතුරු පැදියක් ගැටී ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව ප්‍රතිකාර ලබමින් සිටිය දී අද 20 මියගොස් ඇතැයි ගාල්ල කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.
සිය මව මරාසන්නයේ සිටින අවස්ථාවේ දී මවට දෙළුම් ගෙඩියක් ගෙනි යන්නට ගොඩගම ප්‍රදේශයට සිය යතුරු පැදියෙන් ගමන් කරමින් සිටිය දී තවත් යතුරු පැදියක එකි නෙකට ගැටී මවට දෙළුම් ගෙනයන්නට ආ පුතු මියගොස් ඇති අතර, අනෙක් යතුරු පැදියේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 16වන දින සිදුව මෙම අනතුරින් පරපතල තුවාල ලැබු මේ පුද්ගලයා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව 20 දින මියගොස් ඇත. අසාධ්‍ය තත්ත්වයේ සිටි මව පසුගිය 16 වන දිනම මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ සිදු කරන බව ගාල්ල කරාපිටිය රෝහල් පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ මාතර පොලිසිය සිදුකරයි.
– සුනෙත් ගාල්ලගේ
Lack of knowledge, negligence and arrogance.
Kochchara abhaagya sampanna awasthaawakda? dukayi