අසාධ්‍ය වන කොරෝනා රෝගීන් පමණක් රෝහල්වලට.. ඇමරිකා, යුරෝපා, ඉන්දියා ක‍්‍රමයට සූදානම්..

October 27, 2020 at 3:22 am | lanka C news
අසාධ්‍ය වන කොරෝනා රෝගීන් පමණක් රෝහල්වලට.. ඇමරිකා, යුරෝපා, ඉන්දියා ක‍්‍රමයට සූදානම්..

කොරෝනා ආසාදිත වුවත් ඉන් අසාධ්‍ය රෝගීන් පමණක් රෝහල් ගත කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිත බව තහවුරු වූ පමණින් එම පුද්ගලයන් රෝහල් ගත නොකර අතරමැදි ස්ථානයක රැුඳවීමටත් අසාධ්‍ය තත්ත්වයක් මතුවුවහොත් පමණක් රෝහල් කරා ගත කිරීමටත් සාකච්ඡා කරමින් සිටින බවයි.

ඒ අනුව රාජගිරිය ආයුර්වේද රෝහලට ආසාදිතයන් ඇතුළත් කිරීමට අනුමැතිය ලබා දුන් බවත් ඒ සඳහා කටයුතු යොදන ලෙස අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ඔහු සඳහන් කළේය.

පළමු අදියරේදී අතරමැදි ස්ථානයක් ලෙස එම ආයුර්වේද රෝහල යොදාගැනීමට බලාපොරොත්තු වන බව එහිදී ලැබෙන අත්දැකීම් මත සෙසු අයුර්වේද රෝහල්ද ඒ සඳහා යොදාගත හැකි බවත් ඔහු කියා සිටියේය.

41,865 views

20 Comments to “අසාධ්‍ය වන කොරෝනා රෝගීන් පමණක් රෝහල්වලට.. ඇමරිකා, යුරෝපා, ඉන්දියා ක‍්‍රමයට සූදානම්..”

  1. කොරෝනා බිල්ලා says:

    කොරෝනා හැදිලා ආණ්ඩුවේ ද‌ෙතුන් ද‌ෙන‌ෙක් මැර‌ෙනකම් මේ කොරෝනාා කතා ජනතාවට විශ්වාස නෑ.
    මේ මොහොතේ ඉතාලියේ න‌ෙපල්ස්,රෝමය හා පෝලන්තයේ වෝසෝ නගර වල Anti-lockdown විරෝධතා පැවැත්ව‌ෙනවා.
    තම අසමත්භාවයන් වසා ගැනීමට හා දේශපාලන වුවමනාවන් සඳහා දුර්දාන්ත පාලකයන් උපක්‍රමිකව කොරෝනාා භීෂණයක් සමාජගත කරමින් ඇති බවට පුරවැසියන් චෝදනා කරනවා.

  2. sithmal says:

    අවුරුදු 72ක් මුන් කරපු මෙහෙය බලාගන්න හොදම කාලයක්.. උන් ලෙඩ උනාම බෙහෙත් ගන්න ගියේ සිOගප්පූරු. දැන් තේරෙනව ඇති හොද රෝහල් පද්ධතියක් නිර්මාණය නොකිරීමේ බරපතල කම හා ඒ රටවල නායකයො බලන්නෙ උන්ගෙ මිනිසු ගැන කියන එක. ඔය කියල තියෙන රටවල් අදික ජනගහනයක් ඉන්න රටවල්.. මේ පුOචිරටක අඩු මිනිස්සු ප්‍රමාණයකට පහසුක්ම් සලසන්න බැරි මේ වගේ පාලකයොන්ගෙන් තවදුරටත් ඇති ප්‍රයෝජනය, දියුණුව ගැන බලාපොරොත්තු විහිළු විතරයි..

  3. jagath says:

    Kamak na 20 sammaha una.eka athi

  4. රනිල් says:

    ගෝඪ රට හදන සද්දෙට නින්ද යන්නෙත් නෑ අප්පා.. 🤣🤣🤣🤣

    • විස්සයි විස්ස says:

      ඔව්, ටකරමට වැටෙන වතුර වාගේ. නින්ද කැඩිලා අපි හැමෝගේම. රටේ ණය අනාගතය මතක් වෙනකොට නින්දෙන් කෑ ගහනවා. ද්විත්ව මනසක් තිබෙන මම රට පනිනවා රටත් කාලා. කුම්බලාවෝ කටු කෑවානම් විදපං පූසෝ ටික.

  5. Ak47 says:

    Ah aththada? Den udam anuwe americawatai indiawatai corona honda karana krame eliantha white hora weda dannawa kiyala😜😜😜😜😜😜🤔🤔🤔🤔🤔🤔🤑🤑🤑🤑🤑🤑🤗

  6. Sampath says:

    Didn’t we criticised the Europe and Indian system in the past. Why are we trying to follow the same system now?

Main News