අසාධ්‍ය වන කොරෝනා රෝගීන් පමණක් රෝහල්වලට.. ඇමරිකා, යුරෝපා, ඉන්දියා ක‍්‍රමයට සූදානම්..

October 27, 2020 at 3:22 am | lanka C news
අසාධ්‍ය වන කොරෝනා රෝගීන් පමණක් රෝහල්වලට.. ඇමරිකා, යුරෝපා, ඉන්දියා ක‍්‍රමයට සූදානම්..

කොරෝනා ආසාදිත වුවත් ඉන් අසාධ්‍ය රෝගීන් පමණක් රෝහල් ගත කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ කොරෝනා ආසාදිත බව තහවුරු වූ පමණින් එම පුද්ගලයන් රෝහල් ගත නොකර අතරමැදි ස්ථානයක රැුඳවීමටත් අසාධ්‍ය තත්ත්වයක් මතුවුවහොත් පමණක් රෝහල් කරා ගත කිරීමටත් සාකච්ඡා කරමින් සිටින බවයි.

ඒ අනුව රාජගිරිය ආයුර්වේද රෝහලට ආසාදිතයන් ඇතුළත් කිරීමට අනුමැතිය ලබා දුන් බවත් ඒ සඳහා කටයුතු යොදන ලෙස අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ඔහු සඳහන් කළේය.

පළමු අදියරේදී අතරමැදි ස්ථානයක් ලෙස එම ආයුර්වේද රෝහල යොදාගැනීමට බලාපොරොත්තු වන බව එහිදී ලැබෙන අත්දැකීම් මත සෙසු අයුර්වේද රෝහල්ද ඒ සඳහා යොදාගත හැකි බවත් ඔහු කියා සිටියේය.

42,158 views

20 Comments to “අසාධ්‍ය වන කොරෝනා රෝගීන් පමණක් රෝහල්වලට.. ඇමරිකා, යුරෝපා, ඉන්දියා ක‍්‍රමයට සූදානම්..”

  1. Saman says:

    This will be worst than Easter bombing. Criminals.

  2. ක්‍රිමිනල් says:

    දොස්තර සජී තුමා කියපු දේ අහල පකනිල් දුන්න නම් ඔහොම වෙන්නෙ නැහැනේ.
    අඩු ගානේ දොස්තර හදුන් කියපු එකක් අහල ගව මුත්‍රා හරි දෙන්න තිබ්බා.
    කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

    • Hi says:

      ඇයි මහාචාර්ය ජයසුමන තුමාත් ඒකම කීවේ. ඔය සජීව තුමා ලටයි මහාචාර්ය තුමා ලටයි තව ලපතුමාලටයි ඕක හැදුනත් රෝහල්වල තියෙයි.ඔය බයි ටොයි රතු ජනතාවට තමා මොකවත් නැති වෙන්නේ.හුස් නැතිව මැරෙන්න වෙන්නේ. ඕක තමා තිත්ත ඇත්ත.

  3. Power says:

    අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට කොරෝනා මුල් අවස්ථාවේදී තිබුණු ඕනෑකම මෙවර තිබුණේ නැහැ. මේක මෙච්චර දුරදිග ගියේ ඒ නිසයි. සමහර විට රටට හෙලි කරන්න බැරි හේතූ රැසක් තිබෙන්නට ඇති. රටේ ජනතාව විදිහට සහ වර්තමාන ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට ඡන්දය දීපූ රටේ ජනතාව වශයෙන් අපි දැකපු දෙය නම් එයයි.

  4. SANKA says:

    සමාජයේ පැත්රීමක් නැති නිසා බිය වීමට කිසිදු කාරණයක් නෑ

    අපි කෝවිඩ් මර්ධනය කරලා තියෙන්නේ . ඇත්තටම මුලු ලෝකයෙන්ම හොඳින්ම මර්ධනය කරලා තියෙන්නේ අපි.

    දැන් මේ නිවසේදීම නිරෝධායනට ලක්වෙන එකත් ලෝකයේ කලින්ම හොයාගත්තේ අපි.
    මිත්‍රවරැනි අපිවගේ පම්පොරි ගහලා ඇන ගන්න ජාතියක් මේ ලෝකෙම නෑ.

    • ලංකා says:

      ලෝකයේ උතුම් රට, උතුම් ජාතිය විජයගේ ජාන ගති ලක්ශන පෙන්නුම් කරමින් ඔප මට්ටම් කරමින් ඉන්නා සැටි බලව් කඩතුරා හැර දෑසේ. . ඔන්න මතක් කර දුන්නා. චන්දේකුත් ලග නැහැනේ.නීරොධානයට වියදම් කරන්න යන සල්ලි නයට අරගන්න වෙන්නේ. ගෙවන්න බැරි උනොත් කැල්ලක් කඩා ගනී චීනේ සහ ඇමෙරිකාව. Galle face දීලත් මිනිස්සුන්ට තේරුනයෑ. අපිව අනාත කලා ශාසනයත් එකතු වෙලා. ඒ හැමෝගේම පැවත්ම තමයි මහජනතාව ගොනාට ඇන්දවීම. පව් තව නැතිවෙන්න අපිට මොනවාද ඉතිරි වී තියෙන්නේ වෙස්සන්තර අපිට? අපි මේඅයට දෙනවා, මේ අය පිටරටට දෙනවා.

  5. A Sri Lankan says:

    Fully agree. What is critical is for 1st and 2nd contacts of the confirmed patients to understand the critical situation and take self isolation seriously and follow guidelines stricly. If the 1st and 2nd contacts move around freely then they will be infecting more people.

  6. cineth says:

    Government is unsuccessful !!!

  7. K P Jayasena says:

    Niyamayi ! Ayurvedayata jayaeewa !!

  8. thus says:

    මේ අවශ්ථාවේදීවත් අන්තර් දිස්ත්‍රික් හෝ පළාත් සංචරන සීමාවන් පැණවීම අත්‍යාවශ්‍යය කරුණක් එමෙන්ම සමූහ වශයෙන් රොක්වෙන රැකියා ස්ථාන, වෙළඳපොළ යනාදියට දැඩි සෞඛ්‍ය ක්‍රිමවේද හදුන්වාදීම, දිරිගැන්වීම, අධීක්ෂණය හා විපරමද කලයුතුයි ජනතාව ස්ව කැමත්තෙන් සෞඛ්‍ය ක්‍රිමවේද අනුගමනය කිරීමට පෙළඹවීමේ තත්වයක් උදාකලයුතුයි.

  9. පොහටිටු කාරයන්ගේ පස්ස පැත්තේ පොහොට්ටු අඳින කෙනෙක් says:

    පවිත්‍රා ගෙදර යවමු.

  10. Dp says:

    කාලෝචිත තීරනයක්.දැන් දේශීය වෛද්‍ය ක්‍රමයට රෝගීන් සුව කිරීමට ඉඩ සැලසී අැත.මෙතෙක් කල් GMOA කියන වෘර්තිය සමිතිය දේශීය වෛද්‍ය වරුන්ට ඉඩක් දුන්නේම නෑ .

    • Aurora says:

      GMOA මාෆියාවෙන් ගැලවෙන එක තමයි වැදගත්. දේශීය වෙදකම සහ ආයුර්වේදය සතුව කොරොනා සූවකරන්න ක්‍රම තියෙනවා. නමුත් නීතිමය බලය තියෙන්නේ බටහිර වෙදකටයි. අහෝ අපි තියුණු කඩුවක් තියාගෙන පොලු කෑල්ලක් අරන් යුද්දෙට යන මෝඩයෝ වගේ ක්‍රියා කරනවා.

Main News