අසීමිත අන්තර්ජාල පැකේජයනුත් සේවා සමාගම් මාෆියාවක….

April 11, 2021 at 6:21 am | lanka C news
අසීමිත අන්තර්ජාල පැකේජයනුත් සේවා සමාගම් මාෆියාවක….

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

අසීමිත අන්තර්ජාල පැකේජයනුත් සේවා සපයන සමාගම් වල මාෆියාවට හසු‌වේ

නවීන ලෝකයට ගැලපෙන ආකාරයෙන් අසීමිත අන්තර්ජාල භාවිතයක් සදහා ශ්‍රී ලංකාව සතු ටෙලිකොම් යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන අවධියක අන්තර්ජාල සේවා සපයන සමාගම් කිහිපයක් විසින් අසීමිත අන්තර්ජාල පැකේජයන් කිහිපයක් ශ්‍රී ලාංකික ජනතාව වෙත මේ වනවිට එළිදක්වා ඇත.

අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් හදුන්වා දී ඇති මෙම අසීමිත අන්තර්ජාල පැකේජයන් බොහොමයක් සමාජ මාධ්‍ය වෙබ් අඩවි පරිහරණය සදහා පමණක් ඉලක්ක කරගනිමින් නිර්මාණය වූ පැකේජයන් ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය හදුනාගන්නා අතර විශේෂයෙන්ම මෙම අසීමිත අන්තර්ජාල පැකේජයන් මේවන විට සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ දැඩි දෝෂදර්ශනයටද ලක්වෙමින් පවතී.

අසීමිත අන්තර්ජාල පැකේජයන් කියා තම මාෆියාව තරකරගැනීමට කටයුතු කරන අන්තර්ජාල සේවා සපයන සමාගම් වෙත අප ශි ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ බලවත් අප්‍රසාදය පළකරමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

30,154 views

9 Comments to “අසීමිත අන්තර්ජාල පැකේජයනුත් සේවා සමාගම් මාෆියාවක….”

  1. සෝෂල් මීඩියා ඇඩික්ෂන් says:

    ඉදිරියේදී අන්තර්ජාල කාම රැල්ල, කාම අපරාධ වැඩිවේවි.

    • Kadda says:

      අනිවාර්යෙන්ම. අසීමිත ඉන්ටර්නෙට් සමග අසීමිත ආශාව

  2. සමන් says:

    ඔය පැකේජ් එකෙන් ගෙදර අය දෙන්නෙක් හරි ඊට වැඩි ගණනක් හරි කනෙක්ට් උනාම රවුටර් එකට GPRS තිබ්බ කාලේ phone එකකින් තමා internet යන්න වෙන්නේ..😂 5000 ක් ගෙවන්නේ තනියම internet යන්න නෙවෙය්නෙ..😡

  3. shan says:

    It is a joke. I have a slt fiber line. Unlimited package speed is limited after 10 Gb and seamless fiber usage is restricted after. Data files are getting larger and 1Mbps is nothing for undisturb connectivity. Why do we want 5G, If we restrict speed Sri Lanka doesn’t need 5G. Earlier capacity was limited and this time, speed is limited. Sri Lanka never will reduce the Digital gap.

    • කුරුවිටගේ යසඉසුරු මැතිව් says:

      කියන ‘ත්තක් තේරෙන්න කියපං. මොනවද බං උඹ ලියලා තියෙන්නේ ? උඹට තේරෙන සිංහලෙන් ලිව්වානම් නේද හොඳ ?

      • Shan says:

        If you don’t know English and don’t know the subject. Keep your mouth shut. Add something relevantly. These idiots show their real foolishness.

  4. Lokuma asadarana SLT eke. ,GB denne unge ammalata balanna ratri 12 passe kalakanni sunakayo

  5. Samantha says:

    Better go for Star-Link Sattelite and have more than 100MBPS.

  6. රඡයේ අතිදැවැන්තම කුඨ වංචනික පහත්ගනයේ ආදායම්මාර්ගයයි..! says:

    ශ්‍රී ලංකාවේ අන්තර්ඡාල සම්බනධතාවයන් යනු රඡයේ අතිදැවැන්තම කුඨ වංචනික පහත්ගනයේ ආදායම්මාර්ගයයි. සැම රඡයකම ඡනතාව තලා පෙළා මුදල් ගසාකමින් දත්ත සඳහා මහඡනතාවගේ අයිතිය මර්ධනය කරනු ලබයි .රඡය මැදිහත්වි කුඨලෙස මුදල්ගසාකැම නවතන්නේනම් සහ ප්‍රධානම වශයෙන් දත්තසඳහා ඇති රටවැසියාගේ අයිතියට පාළකයන් ගරැකරන්නේනම්..පාළකයන්විසින් හිතාමතාම රටවැසියන් බාහිර ලෝකයෙන් ඈත්කර තැබීමට කෘෘරලෙස කටයුතු නොකරයිනම් කිසිම අපහසුවකින් තොරව ඉතාම පහසුවෙන් මේගාබයිට් 2 / 5 අතර අන්තර්ඡාල සම්බනධතාවයක් සැමටම ලබාදියහැකියි..! රඡය සතුව පහසුකම් සහ දැනුම නොමැතියයි ”වංචනික උපදේශකයන් වහසිබස් දොඩයිනම්”.ඉතා පහසු සරළ තාකෂණයක් සහිත ක්‍රමවේදයන් හඳුවාදියහැක. සරළවම සදහන් කරන්නේනම් නීතිරීති රෙගුලාසි හරස් නොකරන්නේනම් රඡය සැබැ මානවදයාව සංවර්ධනය අගයන්නේනම් ඉතා සරල ක්‍රමවේදයන් හරහා රටේ සියඵ වැසියන්ට සිමාරහිත අන්තර්ඡාල පහසුකම් සැපයිම ”ඉතාම සරළ” ”කිසිම අමතර වියදමක් අනවශ්‍ය” ඉතාම ප්‍රාථමික තාකෂණය වුවද භාවිතාකර සපයාගතහැකි සරළ ව්‍යාප්‍රතියකි. බොහෝ රඡයන් බලය පවත්වාගෙන යාම සදහාම ක්‍රීයාත්මක කරන දත්ත සදහා ඡනතාවගේ අයිතිය පහත් ලෙස පාළනය කරනු ලබයි..!(පහුගිය චන්ද්‍රිකා රඡය යටතේ මෙම අසිමාන්තික දත්ත ක්‍රමවේදය ක්‍රියාත්මකවි තිබුනි. නමුත් මහින්ද රාඡපකෂ රඡය පැමිණ පසු නැවතත් සැමගේ නිදහස් අසීමාන්තික දත්තසදහා බාධා පණවනු ලැබීය..!)

Main News