‘අසූචි 70යි.. වැලි 30යි..’ ලංකාවේ කිසිදු ආයෝජනයක් අපි නෑ.. – වොක්ස්වැගන් සමාගම නිල ලෙස කියයි..

January 5, 2017 at 8:35 pm | lanka C news
‘අසූචි 70යි.. වැලි 30යි..’ ලංකාවේ කිසිදු ආයෝජනයක් අපි නෑ.. – වොක්ස්වැගන් සමාගම නිල ලෙස කියයි..

ශ‍්‍රී ලංකාව තුල කිසිදු ආයෝජනයක් තම සමාගම සිදු කර නැති බවත් ඉදිරියට සිදු කිරීමටද මෙතෙක් අදහසක් නැති බවත් ජර්මානු වොක්ස්වැගන් සමාගම පවසයි.

සමාගමේ සමුහික සංනිවේදන අංශයේ ප්‍රකාශිකා කර්ටින් හොමාන් මහත්මිය මේ බව නිල වශයෙන් සිරස රූපවාහිනිය කල විමසීමකදී මේ බව සදහන් කර ඇත.

එමෙන්ම වොක්ස්වැගන් සමාගමේ නිල වෙබ් අඩවියේ දැක්වෙන පරිදි 2025 දක්වා වූ සමාගමේ ඉදිරි සැලසුමේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිදු සදහනක් නැත.

මෙරට ආයෝජන කිරීමට වොක්ස්වැගන් සමාගම එන බවත් කුලියාපිටියේ කර්මාන්තශාලාවක් ඉදිකර තරුණ තරුණියන්ට ඉතා හොඳ ආදායම් සහිත රැකියා ලබාදීමට කටයුතු කරන බවත් අගමැතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කරන ලදී.

පසුගිය 03 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරිමට කුලියාපිටිය පිහිටි මහා නුගලන්ද වතුයායේ මුල්ගල තබන ලදී. එම වත්ත මහා භාරකාර දෙපාර්තමේන්තුවට අයත් ව තිබි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට පවරගෙන ජර්මනියේ වොක්ස්වගන් මෝටර් රථ නිෂ්පාදන සමාගමේ කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරිම බව කියමින් ලබාදෙන ලදි.

87 views

36 Comments to “‘අසූචි 70යි.. වැලි 30යි..’ ලංකාවේ කිසිදු ආයෝජනයක් අපි නෑ.. – වොක්ස්වැගන් සමාගම නිල ලෙස කියයි..”

  1. Nalaka says:

    සෙනොක් කාරයා මේ “කර්මාන්තශාලාව” හරහා කරන්න යන මගඩිය දැන් පැහැදිලියි. ඉන්දියාවේ හෝ වෙනත් රටකින් මිළදී ගන්නා වොක්ස්වැගන් මෝටර් රථ, ඒ රටේදීම කොටස්වලට ගලවා, කන්ටේනර්වලට දමා මෙහි ගෙනැවිත් නැවත එකලස් කිරීම එම මගඩිය වේ.

    • Alapaluwa says:

      Nalaka. 99% for sure buying from Singapore used secondhand VW and dismantle right there and containerize to Srilanka, again reassembling at Kurunagala. this is going to be append.

  2. Champa says:

    Alright no problem. He can backstab Ranil and save the country. Ranil fully deserves it. After all it was Ranil who trained Sirisena. What Ranil started should also end with Ranil.

  3. king says:

    පස්ස පැත්ත විකාගෙන මැරෙන්න ඔන කෙස් එකක් අප්පා………….

  4. gamarala says:

    Asoochi Asoochi naganne kisima hirikithak nethuwa.

  5. wijesundara says:

    රනිල් සහ අනුර කුමාර යන දෙදෙනා අතර වෙනසක් නැත. දෙදෙනාම මුලින් බොරු කියා පසුව නිවැරදි කරයි

  6. විමලසේන says:

    පුලුවන්නම් කට්ටියම එකතු වෙලා “මල් ශාලාවක්” හදපල්ලා. තව ටික දවසකින් කන්න නැතුව මිනිස්සු මැරෙනකොට එම්බාම් ටික කරල කීයක් හරි හොයා ගන්න පුලුවන්.

Main News