අහඹු පරීක්‍ෂණ 25 කින් 19 කට කොරෝනා..

August 21, 2021 at 6:20 am | lanka C news
අහඹු පරීක්‍ෂණ 25 කින් 19 කට කොරෝනා..

නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට දිනපතා ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණෙන රෝගින් වැඩි පිරිසකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට රෝහලේදි  සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් සහ පි.සි.ආර් පරික්ෂණ වලදි තහවුරු වු බව එම රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරින් ඒ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.

බගවන්තලාව ප්‍රාදේශිය රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනිමට ගත වු දෙදින තුල පැමිණි රෝගින්ගෙන් අහඹු ලෙස සිදු කරන ලද පි.සි.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ වාර්තා අනුව 25 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.

තම රෝහලට වතු ආශ්‍රිත ජනතාව විශාල වශයෙන් ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණෙන බවත්, එසේ පැමිණෙන රෝගින් අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් සහ පි.සි.ආර් පරික්ෂාවකට ලක් කරන බවත්, වෛරසය අසාදනය වි ඇති රෝගින් ආපසු ඔහුන්ගේ නිවාස කරා යොමු කර ඒ පිලිබදව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරි කාර්යාලය වෙත දැනුම් දෙන බවයි ඒ.එස්.කේ ජයසුරිය මහතා කියා සිටියේ.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් සදහා තම රෝහලේ වෙනම වාට්ටුවක් පවත්වාගෙන යන බවත්, එම වාට්ටුවේද ධාරිතාව මේ වන විට ඉක්මවා ගොස් ඇති බවත්, බගවන්තලාව ප්‍රදේශයේ වතු සහ ග්‍රාමිය ප්‍රදේශවල කොවිඩ් 19 වෛරසය සිඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බවයි බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.

බගවන්තලාව ප්‍රදේශයේ සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 19 වෛරසය පාලනය කිරිමට අවශ්‍ය පියවර ගත යුතු බව ඒ.එස්.කේ ජයසුරිය මහතා වැඩි දුරටත් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

10,276 views

7 Comments to “අහඹු පරීක්‍ෂණ 25 කින් 19 කට කොරෝනා..”

  1. Covid Appuhamy says:

    This is perhaps the way forward … aggressive vacination campaign and random testing covering all parts of the country. Testing is important but what you do with the identified case is more important.

  2. Roshan says:

    නුවරඑලිය බගවන්තලාව පැත්තේ කොහොමත් ඉන්නේ නීතියක් ගරු කරන්න දන්නේ නැති කාලකන්නියො. ඔය කාලකනි කොරෝනා වලින්ම මැරිලා ගියාට පවක් නැහැ.

  3. කුහක ජෙප්පො says:

    අනිවාර්යයෙන් ම ජේවීපී එක මෙ කොරොනා වියාප්තියට වග කියන්න ඔනෙ .
    කොලමබ විතර ක් තිබ්බ ඩෙල්ටා කොලමබින් ගමට ගෙනිච්ච ගුරුවරු මගින්

  4. එදා වේල හොයාගන්න මිනිස්සු says:

    දන්නෙ නෙති නිසා අහන්නෙ ගුරුවරු තවම වර්ජනයේද . එතකොට පුද්ගලික ඔන් ලයින් ක්ලාස් නවත්තලද.
    දෙන් අවුරුදු 2ක් හා නිකන් නිකන් ඉදල මාස 2ක් වෙටුප් ගන්න වාද.
    වර්ජනය කරගෙන වෙටුප් ගන්න පින් හරක්

    • ක්‍රිමිනල් says:

      මචං උන්ගෙන් දැන් වැඩක් නෑTV චැනල් රටෙි නම ගිය ප්‍රසිද්ද ටියුසන් ගුරැවරැ ගෙනල්ලා නොමිලේ පාඩමි ටික කියලා දෙනවා. දෙරණ නාලිකාව මුුලිකව කරන ඒ වැඩෙි අතිවිසිස්ටයි. එතකොට ධමිමික පෙරේරා DP Education මුලු සිලබස් එකම නොමිලේ දෙනවා. ගුරැහොරැන්ට ගෙවන පඩි අපරාදේ……..

  5. MM says:

    සුවර් ස්ටාලින් පොකුරේ ගුරැදෙවිදත්ලා වෙන්ඩ ඔීනේ

  6. kkuruwita says:

    ස්ටාලින්, ජේවීපී මහින්ද ජයසිංහ ,සජබ ගොන්නු එක්ක අපි තව තවත් පෙල පාලි විරෝධතා යමු. !!!!!!!!!!!

Main News