අහඹු පරීක්‍ෂාවකින් කොරෝනා ආසාදිතයන් හමුවේ.. හලාවත මාළු වෙලදසැල වසා දමයි..

November 20, 2020 at 3:50 pm | lanka C news
අහඹු පරීක්‍ෂාවකින් කොරෝනා ආසාදිතයන් හමුවේ.. හලාවත මාළු වෙලදසැල වසා දමයි..

හලාවත මාළු වෙළඳසැල ආශ්‍රිතව අහඹු ලෙස සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලදී ආසාදිතයන් හතර දෙනෙකු හඳුනාගෙන තිබේ.

මෙම පරීක්ෂණ පසුගිය 17 දින සිදු කර ඇති අතර එම වෛද්‍ය වාර්තා අද දිනයේ ලැබී තිබේ.

මේ හේතුවෙන් එම මාළු වෙළඳසැල හෙට දින සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලීසිය සමග නගර සභාවේ දී පැවති සාකච්ඡාවෙන් පසුවයි.

22,021 views

3 Comments to “අහඹු පරීක්‍ෂාවකින් කොරෝනා ආසාදිතයන් හමුවේ.. හලාවත මාළු වෙලදසැල වසා දමයි..”

  1. ඇන්තනි says:

    කමක් නෑ, මොනවා වුනත් පොඩි සර් (ශවේන්ද්‍ර තුමා) මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර සම්පූර්ණයෙන්ම පාලනය කළා නේ.

    ලොකු පොඩි සර් ලා දෙන්නම පාස්….!!

    කැබිනට් ඇමතිවරුන්ට මේ ජොබ් එක බාර දීල තිබුනොත්, ගාගන්නේ හත් පොලේ.

  2. පුන්නක්කු බත් බැලයාා says:

    ඇත්තෙන්ම මේ කොරෝනා ලෙඩේ මිනිසුන්ට ආවේ මුහුදේ ඉන්න මලුන්ගෙන් වෙන්න බැරිද? නැත්නම් කොහොමද ඔච්චර දුර තියන වූහාන් ඉඳන් ඕක මිනුවන්ගොඩ ආවේ. අපි නිරපරාදේ නේ අර බෝධිසත්ව යෙක් වගේ හිටපු ඕමාර් මහත්තයාට බැන්නේ. පොඩ්ඩක් මේ ගැන හොයලා බැලුවොත්.

  3. මනූෂ නානා says:

    හලාවතටත් අපේ අමු මාලු කන මන්ත්‍රි යවන්න වෙයිද.

Main News