අහඹු පරීක්‍ෂාවකින් වරායේ 13කට කොරෝනා..

November 5, 2020 at 11:20 am | lanka C news
අහඹු පරීක්‍ෂාවකින් වරායේ 13කට කොරෝනා..

කොළඹ වරාය අධිකාරියේ සේවය කරන සේවකයන් 13 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

වරාය සේවකයන් දෙසීයක පමණ පිරිසකට අහඹු ලෙස සිදුකරන ලද කොරෝනා පරීක්ෂණවලදි මෙම පිරිස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි.

වානේ සැකසුම් අංශය, බොයිලර් සැකසුම් අංශය, ජල බහලුම් පර්යන්තය, බෝට්ටු අංගනය යන අංශ වල සේවකයන් මෙලෙස ආසාදිත වී තිබේ.

ආසාදිතයන් මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කර ඇති බව සඳහන්ය.

වරාය වෘත්තිය සමිති චෝදනා කරන්නේ වරාය පරිශ්‍රය තුල කොරොනා පැතිර යාමේ අවධානමක් ඇතිවී තිබුණද බලධාරීන් ඒ ගැන කිසිදු පියවරක් ගෙන නැති බවයි

මීට පෙර කොළඹ නැව් තටාකාංගනයේ සේවකයන් 47 දෙනකු කොරෝනා ආසාදිත වී තිබින.

17,192 views

2 Comments to “අහඹු පරීක්‍ෂාවකින් වරායේ 13කට කොරෝනා..”

  1. gunaya says:

    කොරොනා වලට විවෙචනය කරන්න උපෙදෙස් දෙන්න නිසි බලදාරින්ට අමරතව පිටින් පනින නහුතයක් ඉන්නවා. කරුනකර ඒ උදවිය අපට වඩා අමාරු රටවලට ගිහින් උපකාර කරන්න. එහෙ මැඩපවත්වා අපට වැඩ පෙන්නනන්න.

    කොරොන සමග ජීවත් වීම මිස පලා යම නොවේ කල යුත්තේ. බන්ගලිදේශය ආදරශයට ගන්න. බැරිනම් පකිස්තානය.

  2. Mr. එච් යු කන්නා says:

    නැගෙනහිර ජැටිය ඉන්දියාවට දුන්නා විතරයි මේ පැත්තෙන් කොරෝනා මතු උනා කියහංකෝ. මාරයි නේ. මෙච්චර කල් PCR නොකර පොල් ගෑවද වරාය අධිකාරියේ පාලකයෝ. දැන් ඉතින් පිකටින් උද්ඝෝෂණ ස්ට්‍රයික් බොරු. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න.

Main News