අහඹු පරීක්‍ෂාවකින් හොරණ බොඩිලයින් ගාමන්ට් කොරෝනා.. කිසිම පොකුරකට සම්බන්ධ නෑ.. ආසාදනය වූ ආකාරය නොදනී.. සේවකයන් 6000ක් සමගින් වසා දමයි..

October 31, 2020 at 10:40 pm | lanka C news
අහඹු පරීක්‍ෂාවකින් හොරණ බොඩිලයින් ගාමන්ට් කොරෝනා.. කිසිම පොකුරකට සම්බන්ධ නෑ.. ආසාදනය වූ ආකාරය නොදනී.. සේවකයන් 6000ක් සමගින් වසා දමයි..

හොරණ පිහිටා ඇති Bodyline ඇඳුම් කර්මාන්තශාලාවේ සේවය කරන සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඇය බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි කාරිනියක් බව හොරණ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

ඇය ආසාදිත බව හෙලි වී ඇත්තේ එහි 20 දෙනෙකුට සිදු කරන බව අහඹු පරීක්ෂාවකදී ය.

එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 6000ක පමණ පිරිසක් සේවය කරන අතර ආසාදිත කාන්තාව හදුනා ගැනීමෙන් පසු කර්මාන්ත ශාලාව වසා දමා තිබේ.

ඇය සමීපව ආශ්‍රය කළ සේවක සේවිකාවන් 170ක ගේ පමණ කොරෝනා පරීක්‍ෂා සිදුකර ඇති අතර එවායේ වාර්තා සදුදා ලැබෙන බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා සඳහන් කරයි.

එම සේවිකාවට වෛරසය ආසාදනය වූ ආකාරය පැහැදිලි නැති බවත් ඇය මිනුවන්ගොඩ පොකුරට හෝ පෑලියගොඩ පොකුරට සම්බන්ධ නැතැයි ද වෛද්‍යවරයා කියා සිටියේය.

ඇයට වෛරදය ආසාදනය වූ ආකාරය ගැටළුවක් බවත් ඒ පිලිබදව තව දුරටත් සොයමින් සිටින බවත් ඔහු පැවසීය.

51,824 views

10 Comments to “අහඹු පරීක්‍ෂාවකින් හොරණ බොඩිලයින් ගාමන්ට් කොරෝනා.. කිසිම පොකුරකට සම්බන්ධ නෑ.. ආසාදනය වූ ආකාරය නොදනී.. සේවකයන් 6000ක් සමගින් වසා දමයි..”

  1. Wilson says:

    ඕක කොහොමහරි පොකුරකට සෙට් කරයි අපේ ගොයියෝ

  2. නලින්ද says:

    ඇමෙරිකා කොරෝනා..රට සල්ලි කොරෝනා..දැන්වත් වවාගෙන කන්න පුරුදු වෙමු…

  3. ex M says:

    රෝග ලක්‍ෂන නැත්නම් අහඹු පරීක්සනේ නොකර හිටියා නම් ඉවරයි නේ.

  4. උක්කුං මල්ලී says:

    සම්බන්ධයක් හොයාගන්න බැරිම උනොත් jvp කාරයන්ගේ කුමන්ත්‍රණයක් කියමු. බයියන්නට ඉතින් ඕන මෝඩචූන් නේ.

  5. සමන්ත says:

    සමාජගත වී නොමැති නිසා. පොකුර හොයන්නත් අමාරුයි නම් කෙලින්ම වූහාන් පොකුරට සම්බන්ධ කරමු. හරිම ලේසියි පහසුයි. මොකද කොහොමත් කොරෝනා මුලු ලෝකයේම සමාජ ගතවී නොමැති නිසාත් හැම පොකුරක්ම අන්තිමට චීනයේ වූහාන් පොකුරට සම්බන්ධ නිසා.. කෙලින්ම වූහාන් පොකුරටම දාමු..

  6. Kalana says:

    Garments ටිකට බෝ කළා අන්තවාදීන්, ලේසියෙන් ගැහුවා මුළු රටටම. මදැයි රකින විරුවා කළා. ඇත්තටම තීන්ත බාල්දියට වැටිච්චි නරි තමයි ඔක්කොම. එකෙක් නැහැ මේ රට ආරක්ෂා කරන්න.

  7. බූරු පුතානෝ සජීයා says:

    සමාජෙ පැතිරිලා නැති නිසා අවුලක් නෑ

  8. Kanday says:

    එය දැන් බොහෝ විට සෑම තැනකම – නමුත් සෑම කෙනෙකුම වෙස්මුහුණක් පැළඳ සිටී නම් (හොඳ එකක්) වෛරසය පැතිරීම ප්‍රායෝගිකව කළ නොහැකි ය. එබැවින් කරුණාකර වෙස්මුහුණක් පැළඳගෙන ආරක්ෂිතව සිටින්න.

Main News