අහිංසකයෙක් රට පාලනය කරන්නේ.. නොසන්ඩාලයින් ඔහු සමග ගැටෙන්න යනවා..

February 13, 2017 at 2:10 pm | lanka C news
අහිංසකයෙක් රට පාලනය කරන්නේ.. නොසන්ඩාලයින් ඔහු සමග ගැටෙන්න යනවා..

යහපාලන රජයේ අමාත්‍යවරුන්ගේ විනය පිළිබදව ඔවුන් දැනුවත් කිරීමෙි වැඩපිළිවෙලක් ආරමිභ කරන ලෙස තමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

රුපියල් ලක්ෂ 400 ක් වැය කරමින් ඉදිකළ ෙබිරුවල කාලවිලකන්ද නව පාලම විවෘත කිරීමෙි අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැකු වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

” මම අග්‍රාමාත්‍යතුමා සමග විශේෂ සාකචිඡාවක් පැවැත්වූවා. අග්‍රාමාත්‍යතුමාගේ ඔස්ෙටි්යා සංචාරය ආරම්භ කිරිමට පෙරයි මෙම සාකචිඡාව පැවැත්වුනේ. එහිදී අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතුවෙලා පිහිට වූ යහපාලන රජය ආරක්ෂා කර ගැනීම පිළිබදව සාකචිඡා කළා. අපි පැවැති ක්‍රමය තමයි වෙනස් කළේ. එම නිසා යහපාලන රජය තුල විනයක් ජනතාව බලාපොරොත්තු වෙනවා. ඒ බව අමාත්‍යවරුන්ට අවබෝධ කර දිය යුතුයි. ප්‍රචණ්ඩත්වය වපුරන වැඩ, නීති විරෝධී වැඩ කිරිමට ඉඩදෙන්න බැහැ.

ජනාධිපතිවරයා බලතල පාවිචිචි කරන්නේ නැහැ. අග්‍රාමාත්‍යවරයාත් එහෙමයි. බලය පාවිචිචි කරන්නේ ජනතා සේවයට පමණයි. වර්තමානයේ පාරට බහින සංස්කෘතියක් බිහිවෙලා තිඛෙනවා. ඇතැම් පුද්ගලයින් ලැබී ඇති නිදහස අනිසි ලෙස භාවිතා කරනවා. අහිංසක නායකයෙක් රට පාලනය කරනකොට ඔහු සමග ගැටෙන්න බලනවා. පාරට බැසීමෙ සංස්කෘතියට වඩා රට දියුණු කිරී‍ෙමි සංස්කෘතියට මුල්තැන දිය යුතුයි. නොසන්ඩාල ලෙස හැසිරෙන්න ඉඩදෙන්න බැහැ.

මෙම පාලම ඉදිකිරීම සදහා පසුගිය රජය මෙන්ම වර්තමාන රජයත් මුදල් යොදවා තිඛෙනවා. පාලම ඉදිකිරිම ප්‍රමාද බව මාධ්‍ය ඔස්සේ පළ වුනා. ලියන එක ලෙහෙසියි. මෙම ඉදිකිරීම්වල ගැටළු හදුනාගත යුතුයි. වර්තමාන රජය යටතේ පාලම් 4000 ක් ඉදිකිරිමට මුදල් වෙන්කර තිඛෙනවා. සංවර්ධන කටයුතු ලෙහෙසියෙන් පහසුවෙන් සිදු කරන්න අපහසුයි. බෙිරුවල ආසනයේ තරුණ තරුණියන් වෙනුවෙන් කර්මාන්ත ශාලා කිහිපයක් ද ඉදිකිරිමට බලාපොරොත්තු වෙනවා.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

96 views
Main News