අහිතකර පොහොර නැව බලෙන් වරායට ඇතුළු කරන තැතක්.. ගෙන්වීම පසුපස ප‍්‍රබල නිලධාරියෙක්..

October 24, 2021 at 10:24 pm | lanka C news
අහිතකර පොහොර නැව බලෙන් වරායට ඇතුළු කරන තැතක්.. ගෙන්වීම පසුපස ප‍්‍රබල නිලධාරියෙක්..

අහිතකර බැක්ටීරියා සහිත පොහොර නැව මෙරටට ගෙන්වීම පසුපස සිටිනුයේ ආණ්ඩුවේ ප්‍රබල නිලධාරියෙකුගේ ඥාති සහෝදරයකු යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

එම පොහොරවල විෂ සහිත බැක්ටීරියා ඇතැයි ඔප්පු වී තිබියදී බලහත්කාරයෙන් නැව වරායට ඇතුළු කිරීමට සැලසුම් කර තිබෙන බවද ඔහු පැවසීය.

මෙම නෞකාව මෙරටට ගෙන්වනු ලබන ලද කොන්ත්‍රාත්කරුවන්ට ටෙන්ඩර කරුවන්ට දඬුවම් කළයුතු බවද මන්ත‍්‍රීවරයා කියයි.

මෙම කාබනික පොහොර ව්‍යාපෘතිය නිසා කෘෂි කර්මාන්තය බිඳ වැටී ඇති බවත් රට තුළ සාගතයක් නිර්මාණ වෙන බවත් ඔහු කියා සිටියේය.

ගාල්ලේදී මාධ්‍ය විසින් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

59,600 views

7 Comments to “අහිතකර පොහොර නැව බලෙන් වරායට ඇතුළු කරන තැතක්.. ගෙන්වීම පසුපස ප‍්‍රබල නිලධාරියෙක්..”

  1. dev says:

    ugra wisa kanakota kaa gahuwe naa

    eka parak ara loke ekama gahak kare tiyan giya set ekek

  2. Workers says:

    රසායනික පොහොර සහ රසායනික කෘමි හා වල්නාශක මෙතරම් භාවිතාවට ගන්න හේතුවන ප්‍රධාන හේතුව ඇමෙරිකන් මොන්සැන්ටෝ බීජ ලංකාවේ කෘෂි ක්‍රේෂත්‍රය ආක්‍රමණය කර ගිල ගැනීමයි.
    මේ අපරාධයට දායක වූවන් කවුදු? ලංකාවේ විශ්වවිද්‍යාල වල කෘෂිපීඨ වලින් (ඊනියා නිදහස් අධාපනයේ) උසස් අධ්‍යාපනය ලබා පසුව බටහිර විශ්වවිද්‍යාල වල පශ්චාත් උපාධි ලබා අචාර්යය මහාචාර්යය අංතට්ටු පලන්දවා ලංකාවට නැවත පැමිණ කෘෂි-කරුම ක්ෂේත්‍රයේ ඉහල තානාන්තර වල ස්ථානගත කර ඇති ඩබල් ඒජන්ට් නරුමයන්ය.
    මේ මොහොතේ පොහොර යුද්ධයක පැටලී ඉන්න ආණ්ඩුපක්ෂය,විපක්ෂය සහ ගොවීන් තවමත් ලංකාවේ කෘෂිකර්මාන්තයේ නියම හතුරන් අදුරා ගැනීමට තරම් පරිනත වී නොසිටීම මේ රටේ අභාග්‍යකි.

  3. ඉන්දියානු ගවමුත්‍ර says:

    චිනයන් ගෙනඵනු ලබනා මෙම පොහොර තුල කිසිම අහිතකර ද්‍රව්‍යක් අඩංගු නොවන බව පැහැදිළිවම අපගේ ”විද්වත් පිරිස් සුකෂම අධ්‍යනයන් ඔස්සේ තහවුරැකරගන්නා ලදී,! මෙම පොහොර ඡිවානු හරණය කරමින් සාම්පල ද සමඟ අපහට ලැබිතිබේ!(උශ්ණත්වයට බඳුන්කර ඡීවානුහරණය කරගන්නාලද කාබනික ද්‍රව්‍යබව පැහැදිළිව තහවුරැ කල ගත යුතුයි) ,!

  4. විශාළතම පොස්පේට් නිදිය says:

    පවතින්නේ බටහිරයන්, ඉන්දියානුවන් විසින් නිර්මාණය කරන ලද පහත් ගනයේ අසත්‍ය ප්‍රචාරයන් සහ චීන විරෝධය පමණයි,.

    ”ශ්‍රීලංකිකයන්ගේ අවංක මිතුරා චීනයද අමනාපකර ගනිමින්,. නැවතත් පාළකයන් බටහිර ගැටයට අසුවී හුස්මටික සිය කැමැත්තෙන් සිරකරගනිමින් සිටිනු ලබයි,.

  5. අසත්‍ය ප්‍රචාරයන්. says:

    ලෝකයේ විශාළතම පොස්පේට් නිදිය ශ්‍රී ලංකාවේ තිබෙන අතර.., කොම්පොස් පිටරටින් ගන්වන සහ ”නෑ නෝ” කියමින් ඉන්දියානු ගවමුත්‍ර ආනයන කරනා ඵකම රට ශ්‍රීලංකාවයි,.

  6. Felix says:

    Just simply say that a government politician’s (s) blessings are the main factor to return the ship. An officer cannot play in this country in such a manner. Don’t go around BUSH when you are reporting. Just do your social responsibility.

  7. 69 MIN BAIYOO says:

    පොහොර නැව එනවලු,ඒක ගැන චීනෙ මොකුත්ම දන්නෙ නැතිලු.ඒකෙ අහිතකර බැක්ටීරියා නැහැ කියා චීනය කලින් කිව්වලු,දැන් කියනව එහෙම කිව්වෙ නැතිලු.ඒ නැව මෙහාට ගෙන්නන කෙනෙක් හාබර් මාස්ටර් දන්නෙත් නැතිලු.ආණ්ඩුව සල්ලි නිකුත් කරන්නෙත් නැතිලු,කවුද ගෙවන්නෙ කියල දන්නෙත් නැතිලු.මේක රාජ්‍යතාන්ත්‍රික වැඩකුත් නෙමෙයිලු,ව්‍යාපාරික වැඩක්ද කියා දන්නෙත් නැතිලු.ආණ්ඩුවක් තියනවලු,එහෙම එකක් තියනවද කියල ජනතාව දන්නෙ නැතිලු.නැවේ කපිතාන් කෙනෙක් ඉන්නවද දන්නෙ නැතිලු,ඒක රිමෝට් කන්ට්‍රෝල් නැවක්ද කියා දන්නෙත් නැතිලු.
    මේ ගැන දැන ගන්න අපි අපේ රටේ ක්‍ෂුද්‍ර ජීවින්ට කථා කලා. ඒ ගොල්ලො කියනව අපේ උන් කොහොමත් ෆොරිනස්ලට කැමතියි,ඕන මල ඉලව්වක් බාර ගන්නව​. ඕක ආවොත් ඒකෙ ඉන්න ක්‍ෂුද්‍ර ජීවියො අපේ ක්‍ෂුද්‍ර ජීවියො එක්ක ආවාහ විවාහ කටයුතු කරගෙන ආයෙත් කොණ්ඩෙ බැඳපු චීන්නු බෝවෙයිලු. අර කලින් කියපු කථා ඔක්කොම කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට කියන්න කියල තමයි ක්‍ෂුද්‍ර ජීවියො නම් කියන්නෙ.