ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගය පුපුරා යාමට ආසන්නයි…

March 20, 2018 at 5:30 pm | lanka C news
ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගය පුපුරා යාමට ආසන්නයි…

ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මූලික ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදාළ වගකිවයුතු පාර්ශවයන්ගෙන් මෙතෙක් කිසිදු නිශ්චිත විසඳුමක් ලැබී නො මැත.

විසි වසරකට අධික කාලයක් තිස්සේ සිදු කරනු ලබන මෙම ඉල්ලීම්වලට අදාළ වගකිවයුත්තන්ගේ ඇල්මැරුණු ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සියලුම ආගමන හා විගමන නිලධාරීන්ගේ අප්‍රසාදය හා විරෝධය දක්වනු වස් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි පිටත්වීමේ පර්යන්තයෙහි ඇති සෑම විගමන කවුළුවක් ඉදිරිපස ම ” සාධාරණත්වය උදෙසා අරගලය” යන තේමාව යටතේ “Struggle for Justice” ලෙස ඉංග්‍රීසි බසින් දැක්වෙන සටන්පාඨයක් සහිත පුවරුවක් ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

රටට අතිශය සංවේදී ස්ථානයක් වූ කටුනායක ගුවන්තොටුපළෙහි ආරම්භ කරන ලද මෙම ක්‍රියාමාර්ගය ද රටේ කීර්තිනාමයට අවම හානියක් වන පරිද්දෙන් ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයෙහි සටන්පාඨ සහිත මෙම පුවරු මුල් අදියරේදී ප්‍රදර්ශනය නො කිරීමට තීරණය කර ඇත්තේ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් හට රට ගැන අප්‍රසාදයක් මතුවීමට ඇති අවකාශ සීමා කරමිනි.

සටන්පාඨය සහිත පුවරුව ප්‍රදර්ශනය කිරීමට සමගාමීව දැනටමත් ගුවන්තොටුපළ හරහා යනෙන දේශීය මගීන් හට දෙනු ලබන සේවාවේ පවත්නා දීර්ඝකාලීන ගැටළු විස්තර කෙරෙන අත්පත්‍රිකා බෙදාදීමේ වැඩපිළිවෙළ ද තීව්‍ර කිරීමට සංගමය තීරණය කර ඇත.

ගුවන්තොටුපළ සහ වරායයන් ඔස්සේ යනෙන දෙස් විදෙස් මගීන් හට අවහිරයක් හේ පීඩාවක් නො වන පරිදිත් රටට අපකීර්තියක් නො වන ලෙසත් සංගමය කාලයක් ති⁣ස්සේ වෘත්තීය ක්‍රියාමාර්ගවල නියැලී සිටි.

ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරී සේවාව සඳහා සේවා ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම, විදේශීය දූත මණ්ඩලවලට ආගමන හා විගමන නිලධාරීන් අනියුක්ත කිරීම සහ දෙපාර්තමේන්තු නඩු පැවරීම් අංශය නැවත ස්ථාපනය කිරීම යන මූලික ඉල්ලීම් තුන සම්බන්ධයෙන් අදාළ පාර්ශව දක්වන මෙම නිද්‍රාශීලී ඇල්මැරුණු ස්වභාවය නිසා ඉල්ලීම්වලට පිළිගත හැකි නිසි විසඳුමක් නො ලදහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීම විනා අන් කිසිදු විකල්පයක් කරා නො යන බව ද මෙහිලා අවධාරණය කරයි.

අප මේ සෑම ප්‍රයත්නයක් ම දරනුයේ ශ්‍රී ලංකා ආගමන හා විගමන සේවය ප්‍රශස්ත තලයකට ඔසවා තැබීම අරමුුණු කරගෙන බව ද මෙහිදී සඳහන් කරයි.

– ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය

115 views

4 Comments to “ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයේ වෘත්තීය ක්‍රියාමාර්ගය පුපුරා යාමට ආසන්නයි…”

  1. දසුන් says:

    අනිවාර්යෙන්ම මේ ඉල්ලීම් සාධාරණයි .සියලුම රටවල ශ්‍රිලංකාවේ තානාපති කාර්යාල වල විදේශ ගමන්බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ විදේශ සේවයේ සිටින නිලධාරින් වේ ඔවුන්ට මේ සඳහා විශේෂ දැනුමක් නොමැති අතර ඔවුන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නොවන නිසා ගමන්බලපත්‍ර නිකුත්කිරීමට අදාළ තාක්ෂණික කරුණු ගැන වැටහීමක් නැත මෙනිසා ශ්‍රී ලාංකිකයාට එතරදී තම විදේශ ගමන්බලපත්‍රයක් අලුත් කරවාගැනීම ඉතාම අසීරු කරුණක් වී තිබෙන අතර ආගමන විගමන නිලධාරින් නොවන නිලධාරීන්ට ආගමන විගමන දෙපාර්තමේන්තුව සමග ගනදෙනු කිරීමට අපහසුයි .
    නමුත් ශ්‍රීලංකා විදෙෂසේවයේ නිලධාරින් එදා සිටම තම රාජතාන්තරික සේවය ඉතාමත් කුහක ලෙස ආරක්ෂා කරගනිමින් සිටින්නේ රටේ උන්නතියට නොව තමන්ට පිටරට යාමට ඇති අවස්ථා අඩුවේය යන බිය නිසාවෙනි .වර්තමාන අගමැතිතුමා මෙන්ම හිටපු ජනාදිපතිතුමාද විදේශ සේවයේ නිලධාරින්ගේ මේ අකාර්යක්ෂම එසේම කුහක සහ නින්දිත වැඩ ගැන ඉතාමත් අප්‍රසාදයෙන් සිටින බව අප දනිමු
    එදා ත්‍රස්තවාදය උච්චව පවතී අවදියේදී හමුදා බුද්දි අංශ නිලධාරින් ශ්‍රීලංකා තානාපති කාර්යාල වලට අනුයුක්ත කිරීමේදී මේ නිලධාරින් අපේ රණවිරුවන්ට කරන ලද මදිපුංචිකම් ගැන ඒ රණවිරුවන් සාක්ෂි සපයනු ඇත .
    ජනපතිතුමනි අගමැතිතුමනි ආගමන විගමන නිලධාරින් විදේශ දුත මණ්ඩල වලට ඇතුලත් කිරීම මගින් ඒ ඒ රටවල වෙසෙන ශ්‍රීලාංකික ප්‍රජාවට වඩා වැඩි සේවයක් කළහැකි වනු ඇත

  2. sahan says:

    allas ganna deputy jenaral visa kenek innawa immigration department eke.immiggrarion office eke 4th floor wala Counter “D” wala thamai me dushitha niladariya inne.allas komisame niladari mahathuni mohu gana soya balanna.ohugege ginumata wati athi mudal gana hoya balanna. mohu labadena ginumata mudal damu pasu nithi wirodi katayuthu kara gatha haka.

    • සහන් says:

      මමත් දන්නව ඒ නිලධාරීයා ගැන ..එයා ආගමන විගමන නිලධාරීයෙක්.නෙමෙයි රාජ්‍ය පරිපාලනසේ sewe නිලධාරීයෙක් . අාගමන විගමන නිලධාරීන්ගේ ේවයට හානි කරන්නෙත් දෙපාර්තමේන්තුවේ ඉන්න මෙවැනි පරිපාලන sewe නිලධාරීන්

  3. Thushara says:

    matath penawa me illim sadaranai kiyala. Ma danna rajaye ayatana hamotama tama panata yatate nadu pawarime ansa tiyenawa. eg: custom, labour, excise ….etc. namuth mema niladarinta ese awastawak natinam eya ladima sudusuya. tawada videsa dutha mandalawalada sudusukam ati aya sitima sudusu bawa athdakimen danimi

Main News