ආචාර ධර්ම නොරැක්කොත් මාධ්‍යවේදීන් මැරුම්කන්නත් ඉඩ තියෙනවා.. – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ

December 14, 2016 at 1:06 am | lanka C news
ආචාර ධර්ම නොරැක්කොත් මාධ්‍යවේදීන් මැරුම්කන්නත් ඉඩ තියෙනවා.. – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ

මාගම්පුර වරායේදී ප්‍රාදේශීය මාධ්‍යවේදියකු නාවික හමුදාපතිවරයාගේ පහරකෑමට ලක්‌වන්නේ ඔහු නාවික හමුදා සෙබළුන් විසින් ගොඩනැඟූ සෙබළ ආරක්‍ෂක වැට (Line) කඩා බිඳ දමා පෙරට පැමිණීම නිසා යෑයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ආචාර්ය රංග කලංසූරිය මහතා ඊයේ පැවසීය.

හමුදාවක්‌ ගැටුමක්‌ නිරාකරණය කිරීමට ඉදිරිපත් වන අවස්‌ථාවකදී මාධ්‍යවේදියාගේ ස්‌ථානගතවීම අවම ආචාර ධර්මයෙහි සහ තමන්ගේ ආරක්‍ෂාවේ කොටසක්‌ බවත් හෙතෙම කියා සිටියේය.

කැමරාවක්‌ සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ හැඳුනුම්පත් අතේ තිබූ පමණින් හමුදා මෙහෙයුමක්‌ වාර්තා කළ නොහැකි බව පැවසූ කලංසූරිය මහතා එහිදී තමන්ගේ වෙනසක්‌ විය යුතු බවත් එසේ නොවන්නේ නම් සිදුවන්නේ එක්‌කෝ මැරුම්කෑමක්‌ හෝ ගුටිකෑමට සිදුවීමක්‌ බවත් පැවසීය.

ඒ කෙසේ වෙතත් ප්‍රාදේශීය මාධ්‍යවේදියාට නාවික හමුදාපතිවරයා විසින් කළ පහරදීම මුළුමනින්ම වැරදි ක්‍රියාවක්‌ බවත් එය තරයේ හෙළාදකින බවත් ආචාර්ය රංග කලංසූරිය මහතා අවධාරණය කළේය.

කිසිවකුට පහරදීමට කිසිවකුට අයිතියක්‌ නැති අතර කිසිවකුගෙන් ගුටි නොකා සිටීමට දැනගත යුතු යෑයි ද හෙතෙම සඳහන් කළේය.

මෙම මාධ්‍යවේදියා පිළිබඳ හඬ නඟන මාධ්‍ය ආයතනවලින් තමාට විමසීමට ඇත්තේ ප්‍රාදේශීය මාධ්‍යවේදියාට කලට වේලාවට ගෙවීම් කළාද? ඔහුගේ රැකියා සුරක්‍ෂිතභාවය හා ජීවිත ආරක්‍ෂාව තහවුරු කළාද යන්න බවත් එසේ සිදුකර මෙසේ පෙනී සිටින්නේ නම් කමක්‌ නැති බවත් පැවසූ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරයා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ගැන සොයා බලන විට ඔවුන්ට මාස තුන හතරකින් ගෙවීම් කර නැති බවත් කියා සිටියේය.

මේ පිළිබඳ සිදුකරන පරීක්‍ෂණයේදී පහරකෑමට ලක්‌වූ මාධ්‍යවේදියා සමඟ එම වාර්තාකරණයට එක්‌වූ තවත් මාධ්‍යවේදීන් සිව්දෙනකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් එහිදී එම මාධ්‍යවේදීන් පහරකෑමට ලක්‌වූ මාධ්‍යවේදියා හමුදා වළල්ල බිඳගෙන ඉදිරියට ගෙන ගිය බව ප්‍රකාශ ලබා දී ඇති බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් කළ පරීක්‍ෂණයේ මූලික වාර්තාව තමා අතට පත් වූ බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

– දිවයින

13 views

4 Comments to “ආචාර ධර්ම නොරැක්කොත් මාධ්‍යවේදීන් මැරුම්කන්නත් ඉඩ තියෙනවා.. – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ”

  1. KGB says:

    hey,man Ranga , it seems to be , you do not know what you are talking, you donkey.

  2. Yahapala says:

    මාද්‍ය පොරවල් හිතාගන ඉන්නේ උන් හරි වැඩකාරයෝ කියලා.
    ඉස්සර ගමේ මුන්ට කිව්වේ රිපොර්ටර් කියලා .
    මුන් කැමරාවක් අරගෙන එහෙන් පනිනවා මෙහෙන් පනිනවා.
    පීචං පොරවල්.
    හිතාගන ඉන්නේ මුන් තමඊ ආණ්ඩු හදන්නේ හෝ කඩන්නේ කියලා.

    නාවික හමුදාපතිට අපේ උත්තමචරය!!!!!!

    • lasitha says:

      යහපාලනයේ පිස්සෝ, පවා දෙන්නෝ, කියල අපි දන්නවා .

    • kamasiri Kuruwita says:

      ඇයි ඔය මාද්‍යවේදියෝ නේද කලින් ආණ්ඩුවත් පෙරලුවේ. උන් වැඩකාරයෝ තමයි . දන්නේ නැත්තම් රනිල්ගෙන් අහපන්. හිතන්න එපා මාද්‍ය කාරයෝ කියන්නේ නිකම්මු ටිකක් කියල. ලෝකේ කොහෙත් ඇත්ත එකයි.

Main News