ආණමඩුවේ චණ්ඩියා ගම්මන්පිලගේ දෙකේ කොලයෙන් කැපී යයි… වාද පිටිය වලිපිටියක් වෙයි..[Video]

April 5, 2017 at 9:20 am | lanka C news
ආණමඩුවේ චණ්ඩියා ගම්මන්පිලගේ දෙකේ කොලයෙන් කැපී යයි… වාද පිටිය වලිපිටියක් වෙයි..[Video]

දෙරණ රූපවාහිනියේ ඊයේ පැවති වාද පිටිය වැඩසටහනට සහභාගී වූ රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගමම්න්පිල මහතා අතර ඇති වූ උණුසුම් වාදයක් නිසා විවාදය දැඩි ලෙස උනුසුම් තත්වයට පත්ව එය මෙහෙයවු චතුර අල්විස් වැඩසටහන මදකට නවතා වෙලද දැන්වීම් සදහා යොමු විය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හොරෙක් බවත් එිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා හොරෙක් යයි කිසිදු අධිකරණයක ඔප්පු වී නැති බවත් රාජ්‍ය ඇමතිවරයා කියද්දී ඊට විරෝධය පල කරමින් මන්ත‍්‍රී ගම්මන්පිල කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති කිසිදු අධිකරණයකදී හොරෙක් කියා ඔප්පු වී නැති බවත් අඩුම තරමේ විඝනකාධිපති හෝ කෝප් සභා ආදියෙන් පවා එවැන්නක් සදහන් කර නැති බවකි.

නමුත් අර්ජුන් මහේන්ද්‍රන් හොරෙක් යයි විගණකාධිපති, කොප් සභාව කෙලින්ම කියා ඇති බවත් ජනාධිපති කොමිසම ඉදිරියේදී හෙලිවෙමින් පවතින බවත් පෙන්වා දුන් මන්ත‍්‍රීවරයා එවන් තත්වයක් යටතේ මහින්ද හොරෙක් වෙන්නේත් අර්ජුන් මහේන්ද්‍රන් හොරෙක් නොවන්නේත් කෙසේදැයි ප‍්‍රශ්ණ කලේය.

මෙම තර්කයට පිලිතුරු දී ගත නොහැකි වූ රාජ්‍ය ඇමතිවරයා වෙනත් වාදයන්ට යද්දී විපක්‍ෂයෙන් එල්ල වූ බාධා මැද ඔහුගේ කාලය අවසන් වී තිබුනේ කිසිදු අදහසක් නිශ්තිව පල කර ගත නොහැකි වෙමිනි.

වීඩියෝව මෙතනින්

118 views
Main News