ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම් පත් එකක් නොව 9 ක් තියෙනවා…

October 4, 2017 at 6:33 am | lanka C news
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම් පත් එකක් නොව 9 ක් තියෙනවා…

ජාතික හෙළ උරුමයේ මාධ්‍ය හමුවක් 2017.10.03 දින බත්තරමුල්ල පක්ෂ මුළස්ථානයේ දි පැවැත්විණි. එහි දි යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම් පතට ජාතික හෙළ උරුමයේ නිරික්ෂණ සම්බන්ධයෙන් අදහස් පළ කරන ලදි.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා හා ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් අනුරුද්ධ ප්‍රදිප් මහතා සභභාගි විය.

මෙහිදී අදහස් දැක්වු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් විවිධ මතිමතාන්තර ඉදිරිපත්ව ඇතිබවත් මෙම ආණ්ඩුව 2015 ජනවාරි 08 පත්වන විට මැතිවරණ පොරොන්දුවක් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යෝජනා කර සිටියහ. මෙම කෙටුම්පත සකස් කිරීම සඳහා අද පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම සහභාගි විය. එහිදී පාර්ලිමේන්තුවේ කමිටු වාර්තා 06ක් දැනට ඉදිරිපත් වී ඇත. එය ලියවිල්ලක් පමණි. පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාවක් මුලින්ම ඉදිරිපත් කළේ 2000 දී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පමණි. එය පරාජයට පත්විය.

ජාතික හෙළ උරුමය ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්නේ නම් රට තුළ ස්ථාවරභාවයක් තිබිය යුතුය. එහිදී ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරභාවය, ආර්ථික ස්ථාවරභාවය, පාරිසරික ස්ථාවරභාවය, දේශපාලන ස්ථාවරභාවය, රටේ ඒකීයස්ථාවරභාවය ආදිය රැකිය යුතුය. එසේ නොමැතිව 1978 ගෙන එන ලද ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව හෝ 1988 පළාත් සභා ක්‍රමය හඳුන්වාදුන් ආකාරයට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මහාසම්මත ක්‍රමයට හැර වෙනත් ක්‍රම වලින් සම්මත නොකළ යුතුය යන්නයි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වු රණවක මහතා කියා සිටියේ පළාත් සභා වලට බලය ඕනෑ කියලා කෑගහන අයට අද උතුරු පළාත් සභාව බලය තිබියදීත් වැඩ කිරීමට නොහැකි වී තිබෙනවා. උතුරු පළාත් සභා හැර සෙසු පළාත්සභා වල කරන වැඩ ටිකවත් අද උතුරු පළාත් සභාවේ මහඇමති විග්නේෂ්වරම් මහතාට කරගත නොහැකියි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු එහි පවතින ගුණ දොස් අනුව ඉදිරියේ දී පළාත් සභා හා පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමට කටයුතු කළ යුතු බව වැඩිදුටත් කියා සිටියහ.

මෙහිදී ජාතික හෙළ උරුමය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඉදිරිපත් කරන ලද  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් මණ්ඩලයේ යාවත්කාලීන කරන ලද අතුරු වාර්තා කෙටුම්පතට පිටු 13 යුතු පාර්ලිමේන්තුවේ සභා සම්මත කරන ලද ලිපිය සියලුම මාධ්‍යවේදීන්ට බෙදා දෙනලදි.

ජාතික හෙළ උරුමයේ නීරීක්ෂණ පහත දැක්වේ….  (අමුණා ඇත.)

බුදුගල ජිනවංස හිමි
ජාතික හෙළ උරුමය මාධ්‍ය ඒකකය

20 views

One Comment to “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම් පත් එකක් නොව 9 ක් තියෙනවා…”

  1. මට තේරෙන්නේ නෑ says:

    me කියන්නේ විවස්ථා නවයකට රට නවයකට කඩනවා කියලද පින්වත්නි. මේකද තොපි රකින්න දඟලන හෙළ උරුමය.?

Main News