ආණ්ඩුකාරකමක් නොදුන්නැයි විරෝධය.. ASP ලියනගේ කටාර් තානාපති ධුරයෙන් ඉල්ලා අස්වේ..

February 5, 2019 at 2:10 pm | lanka C news
ආණ්ඩුකාරකමක් නොදුන්නැයි විරෝධය.. ASP ලියනගේ කටාර් තානාපති ධුරයෙන් ඉල්ලා අස්වේ..

කටාර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කල ප‍්‍රකට ව්‍යාපාරික ඒ.එස්.පී. ලියනගේ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට යොමු කර ඇත.

ජනාධිපතිවරයා විසින් එම ඉල්ලා අස්වීම පිලිගෙන ඇති අතර කටාර් රාජ්‍ය වෙත නව තානාපතිවරයෙක් ඉදිරියේදී පත් කිරීමට නියමිතය.

පොරොන්දු වූ පරිදි තමනට ආණ්ඩුකාර ධුරයක් ලබා නොදුන්නේ යයි ඒඑස්පී ලියනගේ මහතා තානාපති ධුරයෙන් ඉල්ලා අස්වූ ඇතැයි ඔහුට සමීප ආරංචි මාර්ග කියයි.

212 views
Main News