ආණ්ඩුකාරවරු සිවු දෙනෙක් ගෝටාගේ ජනාධිපතිවරණ වේදිකාවේ.. මැකො විරෝධය..

November 12, 2019 at 6:48 pm | lanka C news
ආණ්ඩුකාරවරු සිවු දෙනෙක් ගෝටාගේ ජනාධිපතිවරණ වේදිකාවේ.. මැකො විරෝධය..

ආණ්ඩුකාරවරුන් සිව්දෙනෙකු පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ප්‍රසිද්ධියේ කටයුතු කරන බැවින් ඔවුන් සිවුදෙනා ලබන 18 වැනිදා තෙක් තාවකාලිකව නිවාඩු ගන්වන්නැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් මෙම ඉල්ලීම කර තිබේ.උතුරු මැද ආණ්ඩුකාර සරත් ඒකනායක, වයඹ වළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න,බස්නාහිර ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් සහ නැගෙනහිර ආණ්ඩුකාර ෂාන් විජයලාල්ද සිල්වා යන මහත්වරුන්ට මෙසේ ලබන 18 වැනිදා තෙක් නිවාඩු දෙන්නැයි මහින්ද දේශප්‍රිය මහතා සිය ලිපියෙන් ඉල්ලා ඇත.

මෙම ආණ්ඩුකාරවරුන් සිවු දෙනා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ප්‍රසිද්ධියේ කටයුතු කරන බවට මැතිවරණ කොමිසන් සභාවට ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් එහි සභාපතිවරයා ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇති බව වාර්තාවේ.

මේ අතර මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා එම ආණ්ඩුකාරවරුන් සිවු දෙනාට ද මීට පෙර මේ බව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

– lankadeepa

50,149 Viewers

7 Comments to “ආණ්ඩුකාරවරු සිවු දෙනෙක් ගෝටාගේ ජනාධිපතිවරණ වේදිකාවේ.. මැකො විරෝධය..”

  1. Gamini says:

    ජනාධිපතිවරණ ඡන්ද පෙත්සමෙන් ගෝඨාභය ගෙදර යවන කලු සුද්දන්ගේ උගුලට හසුවුණාදෝ….

    • Saman says:

      මේ Game එකේ ඉන්නෙ රත්න ජීව හාල්. ..this bugger is the gamer. ..මහින්ද දේශප්‍රිය nemeyi

  2. sunny says:

    Then EC should ask whole cabinet and the Prime Minister to take leave

    • Saman says:

      Absolutely. Rohitha Bogollagama, NE Governor is campaigning for SP and Maco is quiet about it. His impartiality is questionable …

  3. සරා says:

    මැකෝ බලපිය ජාතික රූපවාහිනිය හා එයිටීඑන් එක ‌ෙගෝඨාට හා මහින්දට විරුද්ධව ‌ෙගෙන යන මඩ ප්‍රචාර.ඒවා ගැන නෑසු කන්ව සිටින සිටින පක්ශග්‍රාහි මැකෝ එක පැත්තක් පමනක් ‌ෙපේන්න පටන් අරන්.කිසිම ඡන්දයක් නැතිව අවුරුදු 3ක් අ්ධයෙක් ‌ෙලෙස සිටියා.

  4. අනේ මැකෝ අපි දන්නවා ඔහේ ගේ පොර ටෝක්. අනික අපි දන්නවා තමුන් එලි පිට වහපාලනයට කඩේ යනවා කිවලා. කෝ හලෝ ඔහේගේ පුජාතන්තුවාදය. පෙු්දාස ඔහේටත් ඩොලර් කෑල්ලක රස බලන්න දුන්නද?

    • Rata Wenuwen says:

      මැකෝ පරම්පරාගත ගුඇන්පීකාරයෝ , මල්ලී සුනන්ද සින්හල කොටියා,ඉතින් ඌ කොහෝමටත් ගූඇන්පියට කඩේ යනවා

Main News