ආණ්ඩුකාර අසාද් සාලි විදුහලට පැන මට මරණ තර්ජන කලා.. දහම් පාසැලක් බලෙන් ඇරියා..- නුගේගොඩ අනුලා විදුහල්පතිනි පොලීසි යයි…

January 14, 2019 at 10:00 am | lanka C news
ආණ්ඩුකාර අසාද් සාලි විදුහලට පැන මට මරණ තර්ජන කලා.. දහම් පාසැලක් බලෙන් ඇරියා..- නුගේගොඩ අනුලා විදුහල්පතිනි පොලීසි යයි…

බස්නාහිර පලාත් නව ආණ්ඩුකාර අසාද් සාලි මහතා තමනට මරණීය තර්ජනය කළේ යැයි අනුලා විද්‍යාලයේ විදුහල්පතිනි ජයනි ප්‍රසංගිකා මහත්මිය විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.

පාසලේ තිබුණු දහම්පාසලක් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝග මත වසා දමා තිබී එය යලි විවෘත කරන්නැයි ඊයේ දිනයේ පාසලට පැමිණි ආණ්ඩුකාරවරයා තමන්ට තර්ජනය කළ බව ඇය සදහන් කරයි.

නැවතත් එම දහම් පාසල විවෘත කරන ලෙසත් එසේ නොකරන්නේ නම් විදුහලෙන් මාරුකර යවන බවටත් ආණ්ඩුකාරවරයා තර්ජනය කළ බවද පවසයි.

නමුත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝගයට පිටින් තමනට කටයුතු කළ නොහැකි බව විදුහල්පතිනිය පවසා ඇති අතර එහිදී තමන්ට මරණීය තර්ජනය කළ බව ද ඇය සඳහන් කරයි.

තමන් බස්නාහිර ආණ්ඩුකාරවරයා බවත් ජනාධිපතිවරයාගේ නියෝජිතයා බවත් පවසමින් අසාද් සාලි මහතා දහම් පාසැල බලෙන් විවෘත කල බවත් ඇය සදහන් කරන්නීය.

128 views

16 Comments to “ආණ්ඩුකාර අසාද් සාලි විදුහලට පැන මට මරණ තර්ජන කලා.. දහම් පාසැලක් බලෙන් ඇරියා..- නුගේගොඩ අනුලා විදුහල්පතිනි පොලීසි යයි…”

  1. SL says:

    There is something fishy here,Anula collage head teacher is a crap

  2. Sam says:

    As a father of a student anula, we understood that decipline and studies of students drastically increased after arr of present principle, I feel all those bad comme are bullshit which published by personal who don’t know about present improvement of the school

Main News