ආණ්ඩුකාර ගිය මග අහුරා විරෝධතා..

March 1, 2019 at 5:30 pm | lanka C news
ආණ්ඩුකාර ගිය මග අහුරා විරෝධතා..

මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතා ගමන් ගත් මාර්ගයක නාවලපිටිය ප්‍රදේශවාසින් පිරිසක් අද (01) විරෝධතාවයක නියැලුණහ.

මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා නාවලපිටිය වැවේගම ප්‍රදේශයේ පුරන් වු වැවක් ප්‍රතිසංස්කරණය කිරිමේ වැඩ කටයුත්තක් ආරම්භ කිරිමේ උත්සවයකට සහභාගි වෙමින් සිටියදි නාවලපිටිය පස්බාගේ කෝරලය යටතේ පාලනය වන  සමනලගම, බව්වාගම ඇතුළු ගම් රැසක්  ප්‍රදේශවාසින් පිරිසක්  තම ගම්මානයට පිවිසෙන සමනලගම මාර්ගය 2002 වසරෙන් පසු  කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් කර නොමැති බවත්, දැනට එම මාර්ගය දැඩිව අබලන්ව තිබිම නිසා තම ගම්මානයේ වැසියන් විවිධ දුෂ්කරතාවලට පත් වි ඇති බව පවසමිනුයි විරෝධතාවය නියැලි සිටි ගම්වාසින් කියා සිටියහ.

වැවේ ප්‍රතිසංස්කරන කිරිමේ  උත්සවයට සහභාගි වෙමින් සිටි මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා විරෝධතාවයේ නියැලි සිටි සමනලගම, බව්වාගම ඇතුළු  ප්‍රදේශවාසින් හමුවට පැමිණ පවසා සිටියේ තමන් මෙම මාර්ගයේ අබලන්ව තිබිම සම්බන්ධයෙන් දැනුවත්ව නොසිටි බවත්, මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ලිඛිත ඉල්ලිමක් කරන්නේ නම් ඒ පිලිබදව තමන් කඩිනමින් කටයුතු කරන බවයි.

මෙහිදි ආණ්ඩුකාරවරයා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ තමන්ගේ අවධානය යොමු කිරිම සදහා ප්‍රදේශවාසින් දැක් වු විරෝධතාවට පිලිබදව කඩිනමින් විසදුමක් ලබාදෙන බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

121 views

2 Comments to “ආණ්ඩුකාර ගිය මග අහුරා විරෝධතා..”

  1. Gayantha says:

    ඇත්තටම මධ්‍යම සහ දකුනු බාර මහඇමති වරු දෙන්නා මිනිස්සුන්ගේ ගැටලු විසදන්න මැදිහත් වීම ඉතා අගනයි.

  2. Open mind says:

    2002සිට අබලන් මග.සතුටු යි 2019සිට වත් අවධානය ට යොමු වීම

Main News