ආණ්ඩුවට අවුරුද්දයි.. අපිට දාපු නඩු තවම විභාග වෙනවා.. අපට සාධාරණය විය යුතුයි..

November 30, 2020 at 12:02 am | lanka C news
ආණ්ඩුවට අවුරුද්දයි.. අපිට දාපු නඩු තවම විභාග වෙනවා.. අපට සාධාරණය විය යුතුයි..

තම රජය බලයට පත්වී වසරක් ගත වුවද යහපාලන රජය සමයේ දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන්ට තවමත් සාධාරණයක් ඉටුව නැතැයි මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු  අවධාරනය කරන්නේ යහපාලන රජය බොරු චෝදනා නගමින් සිරගත කළ සියළු දෙනාට සාධාරණය ඉටුවිය යුතු බවයි.

මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය කදාන රිලවුල්ල මාර්ගය ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමේ අවස්ථාවට (29) එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කලේය. මෙම මාර්ගයේ මීටර් 850 ක් රුපියල් මිලියන 15.6 ක වියදමින් කාපට් යොදා සංවර්ධණය කිරීම මේ යටතේ සිදු කෙරේ.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා මෙසේද කිවේය.

නිත්‍යානුකුලව අධිකරණයෙන් ලලිත් වීරතුංග මහතාව නිදහස් කරපුවාම විපක්ෂය ඇගිල්ල දිගු කරන්නේ ආණ්ඩුවට. පිල්ලෙයාන්ට නීත්‍යාණුකූලව ඇප දුන්නා කියලා. විපක්ෂය ඇගිල්ල දිගු කරන්නේ ආණ්ඩුවට පිල්ලෙයාන්ට ඇප දුන්නේ උසාවිය යහපාලන කාලේ සමහර විනිශ්චයකරුවන්ට බලපෑම් කලේ කොහොමද කියලා අපි දන්නවා. තුට්ටු දෙකේ දේශපාලනඥයෙක් වන අල්පොන්සෝ රන්ජන් රාමනායකට මේ රටේ විනිශ්ච්‍ය කාරවරුන්ට හා සෘජුව කථා කිරීමේ අයිතිය යහපාලනය ලබා දීලා තිබුනා. රන්ජන් කීපාරක් ශානිට කථා කරලා තියෙනවාද. බැසිල් ඇමතිතුමාව, මාව, නාමල්ව රිමාන්ඩ් කරන්න බලපෑම් කලා. ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ආණ්ඩුවට මඩ ගැසිමේ කොන්ත්‍රාත්තුව භාර දී තියෙන්නේ රන්ජන් රාමනායක වැනි තුට්ටු දෙකේ මන්ත්‍රීවරුන්ට.

අපේ ආණ්ඩුව කිසිසේත් නීතියට අත වනන්නේ නැහැ. මිනිස්සු රිමාන්ඩ් කරන්ඩ හෝ ඇප දෙන්න බලපෑම් කරන ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් හෝ අණ්ඩුවක් අද රට තුල නෑ. අපි ප්‍රජාතන්ත්‍රවාදය ඉහලින්ම ආරක්ෂා කරනවා. නීතියට ස්වාධීනව කටයුතු කරන්න අපි ඉඩදිලා තියෙනවා. ඒක විපක්ෂය අපේ දුර්වලකම් විදිහට සලකන බව පේනවා. එකෙන් ප්‍රයෝජන ගන්න හැදුවා. යහපාලන කාලේ කී දෙනෙක් හිරේ දැම්මද. පැමිණිලි හදලා, සාක්ෂි හදලා අපිව හිරේ දැම්මේ. ශානිලා වගේ පොලීසිය අප කීර්තියට පත් කරපු නිලධාරියෙක් තමයි ශානි. අද විපක්ෂය ශානි වෙනුවෙන් හඩා වැටෙන තරමින්ම තෙරෙනවා. ශානි කොයිතරම් හොදට යහපාලන අවශ්‍යතාවය ඉටු කලාද කියලා. එදා යහපාලනය බොරු චෝදනා කරමින් නඩු හදමින් හිරේ දැමු සියලු දෙනාට සාධාරණය ඉටු විය යුතුයි. අපි ඇවිල්ලා අවුරුද්දක් ගත වෙලත් අපිට යහපාලන කළ දේශපාලන පලිගැනීම් වලට තවමත් සාධාරණය ඉටු වී නෑ. ඒක තමයි තිත්ත ඇත්ත අපිට විරුද්ධව දාපු නඩු තවමත් අධිකරණයේ විභාග වෙනවා. අපි ඒවා මග හරින්නේ නැතිව ඒවාට මුහුණ දෙමින් ඉන්නවා.

ආණ්ඩුව තිබුන කාලේ පාරවල් කිලෝමීටරයක් හදන්න බැරි උනු අය අපෙන් අහනවා. කිලෝමීටර් ලක්ෂයක් හදනවාද කියලා. අපි දැන් කිලෝමීටර් 12,000 ක් හදන්න වැඩ ආරම්භ කරලා ඉවරයි. ඊලග වසර හතරේදි රට තුල මහමාර්ග පද්ධතියේ සංවර්ධන සංග්‍රාමයක් අරඹනවා. අපි සංවර්ධනයට ප්‍රමුඛතාවය දෙනවා. එය සිදු කරන්නේ දූෂණයට හා වංචාවට තිත තබමින්.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා.

එදා මහින්ද මහත්තයා යුද්ධය දිනලා මේ රටේ 54% ක් තිබුණ විදුලිය 99% දක්වා වැඩිකලා අද පානිය ජලය රටේ ජනතාවගෙන් 51.52% කට විතරයි ලැබෙන්නේ දැන් අපි සැලසුම් කරලා වසර 03 ක් තුල රටේ සියලු දෙනාගේ පානීය ජල ප්‍රශ්නය විසදීමට කටයුතු කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වැඩපිලිවෙල දැනටමත් ආරම්භ කරලා තියෙන්නේ. කැළණිය හා කරස්නාගල ජල යෝජනා ක්‍රම මගින් ගම්පහ දිස්ත්‍රික්කයම ආවරණය වෙනවා. මේ වසර තුන තුල පලාත් හා පලාත් පාලන ආයතනවලට අයත් සියළු මාර්ග කාපට් හෝ කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමට අපි කටයුතු කරනවා.

පසුගිය යහපාලන අවුරුදු හතරහා මාරතුල මේ රටේ කිසිවක් සිදු වුනේ නෑ. කොමිස් ගැසීම. යහපාලනයේ හිටියේ කොමිස් කාක්කෝ විතරයි. ඒක තනිකරම හොරකම් කරපු ආණ්ඩුවක් ඒ ගොල්ලෝ ව්‍යාපෘති විදිහට හදුනාගත්තේ කොමිස් ගහන්න පුලුවන් ව්‍යාපෘති විතරයි. ඒවායේ ජනතාවට ඇතිවන සේවය ගැන ඔවුන් සැලකුවේ නැහැ. අපේ ආණ්ඩුව බලයට පත්වුනාට පස්සේ යහපාලනයේ කොමිස් ගන්න හදපු ජනතාවට මෙලෝ වැඩක් නැති සංවර්ධන ව්‍යාපෘති අහෝසි කලා. රටේ ජනතාවට අවශ්‍ය අලුත් ව්‍යාපෘති ගනනාවක් අලුතින් ආරම්භ කලා.

ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දිනලා මාසගණනක් තිබුනේ අලුත් ආණ්ඩුවක් විපක්ෂය ගෝඨාභය මහත්තයාට වැඩ කරන්න දුන්නේ නැහැ. කකුලෙන්ම ඇද්දා. ඊට පස්සේ කොවිඩ් වසංගතය නිසා අපේ සංවර්ධන වැඩ පිළිවෙල අඩපන වුනා. දැන් අපි කොවිඩ් පාලනය කරන අතරතුර රටේ සංවර්ධනය මෙහෙයුම් අරඹලා තියෙනවා. රූපවාහිනියට ඇවිත් තප්පුලන විපක්ෂයේ උන්දලා අද රටේ තත්වය හොදින් වටහාගත යුතුයි. දියුණු රටවල් එක්ක ගත්තාම අපේ රට තවමත් කොවිඩ් මර්දනයෙන් ඉදිරියෙන් ඉන්නවා. අද ආණ්ඩුවට ලැබුණු සියළු ප්‍රධාන ආදායම් නතරවෙලා කොවිඩ් වසංගතයත් සමග විදෙස් රැකියාවල නිරතවුවන් හරහා රටට ලැබුණු විදේශ විනිමය නැති වෙලා තියෙනවා. ඒ මොනවා වුනත් අපිට ජනතාව දුන්න 69 ලක්ෂයේ විශ්වාසය කඩ කරන්නේ නෑ. සමස්ථ රටේ ජනතාවගේ විශ්වාසය කිසිසේත් පලුදු කිරීමට ඉඩ තබන්නේ නෑ.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා, බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී ඩිල්ශාන් ජයරත්න යන මහන්ත්‍රීවරුන්ද මෙහිදි කථා කලහ.

– ප්‍රදීප් අනුර කුමාර

17,995 views

10 Comments to “ආණ්ඩුවට අවුරුද්දයි.. අපිට දාපු නඩු තවම විභාග වෙනවා.. අපට සාධාරණය විය යුතුයි..”

  1. Podu Jana Jayaa says:

    ස’ලට මොනවහරි උනොත් අපි ඔය GU-VP/GU-NP සක්කිලි හැත්ත මරාගෙන මැරෙනව. ස’ලට ඕනෙ හැටියකට රට කරන් යන්න අපි ජනවරමක් දීල තියෙන්නෙ. ස’ල හොඳට කාල බීල සංතෝසෙන් පරිස්සමෙන් ඉන්න. ඉතුරු වෙච්ච මොනවහරි තියනව නම් අපිටත් දෙන්න. නැත්තං ස’ල අපේ කටේ රුන්නත් කමක් නෑ. ඒක අපිට දිව්‍ය භෝජනයක්.

  2. ගමයා says:

    නැතුව නැතුව ඇමතිතුමා ….. පහුගිය මාස දෙකේ සාඩම්බර සාදාරනේ වීගෙන වීගෙන එනව දැක්කා ලලිත් වීරතුංගට, ගාමිනි සෙනරත්ට පිල්ලයාන් ට එකී නොකී සැවොම. බයවෙන්න එපා… පාස්පෝට් නඩුවෙන් ව්‍යාග්‍රා බෝයි වගේම ඔයත් නිදොස් කොට නිදහස් 🤣🤣🤣 බයිලන්තේ .

  3. saman says:

    ඔව්, නැතුව වැඩක් නෑ. කොහොම හරි ඉතුරු අවුරුදු 4 ඉවර වෙන්න කලින් ඔක්කොම නඩුවලින් නිදහස් කරන්න ඕනේ. ඒ වගේම ආයිත් ඒ වැරැද්දට නඩු දාන්න බෑ කියලත් කියන්න ඕනේ.

  4. කුවෛට් පොඩි එකා says:

    මේ ජොන්ස්ටන් උඹේ මිනිස්සුන්ට පොවන අරක්කු වල TAX කෝටි ගනන් වන්චා කරපු ටික ගෙවලා දානවද? නැත්නම් තොපිට චන්දේ දුන්නා මදිවට ඒකත් අහින්සක මිනිස්සුන්ට ගෙවන්න වෙන්නේ

  5. පිල්ලි says:

    රනිල් විසින් එවන ලද පිල්ලි 2 කි. ජොන්ස්ටන් සහ සබ්‍රි..

    • ක්‍රිමිනල් says:

      එහෙමව්ත් කියලා හිතහදාගනිං , හෙට අනිද්දට උබලා කියන්නත් බැරි නෑ මහින්ද මහත්තයත් රනිල් එවපු පිල්ලියක් කියලා ; මෙහෙමත් මෝඩ බෛයො රොත්තක් , ඇන්දෙන්න බලාගෙන ඉන්නේ.

  6. ක්‍රිමිනල් says:

    මෝඩ බෛයො අන්දලා මේ පාණ්ඩුව පත්කරගත්තේ ඔකට තමයි ආයිබොවන්ඩ ! යෙහෙකින් වැජබෙන්න ! අවුලක් නෑ ,වේලක් ඇර වේලක් කන බෛයො ඉන්නවා නොවැ අවශ්‍ය වෙලාවට කතිරේ ගහන්න.

  7. Dilshan says:

    රටක නීතිය හැසිරවීම ගැන මෙහෙම කතා කලහම , කොහොමද? ඕන කෙනෙක්ට නිවැරැදි සාධක නැතිව හිතෙන හිතෙන දේට නඩු දාන්න පුලුවන්ද? මේ කියන කතාව අනුව අධිකරණ ස්වාධීන නොවන කල,???

  8. GAMINI SENANAYAKE says:

    First family then others.Don’t shout, listen others.

  9. kamal says:

    දැන් කොච්චර නඩු වලට සාධාරනය උනාද? පොඩ්ඩක් ඉවසපන්

Main News