ආණ්ඩුවට එක් වූ මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කොට පක්ෂයෙන් නෙරපීමට දෙමල සන්ධානය සැරසේ…
November 6, 2018 at 6:30 am | lanka C news
නැගෙනහිර ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නව රජය යටතේ පත් වූ දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කොට ඔහුව පක්ෂයෙන් නෙරපන ලෙස ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ලේකම්වරයාට ලිපියක් යවා තිබේ
ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් විමසීමේදී කියා සිටියේ,
එස්.වියාලේන්ද්‍රන් මහතා දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයට තරග කොට ජයග්‍රහණය කළත් ඔහුගේ පක්ෂ සාමාජිකත්වය ඇත්තේ ප්ලොට් සංවිධානය යටතේ බවයි.
ප්ලොට් සංවිධානයේ හෝ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ අනුදැණුමකින් තොරව ඔහු අගමැති කාර්යාලය වෙත ගොස් අමාත්‍යධූරයක් ලබාගැනීම ප්ලොට් සංවිධානය කිසිසේත්ම අනුමත නොකරණ බවද ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා ප්‍රකාශ කොට සිටියේය.
ඊට අමතරව ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා හමු වී වහාම ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටත් ඔහුව පක්ෂයෙන් නෙරපා හැරීමටත් කටයුතු කරණ ලෙස ඉල්ලා තිබේ.
මේ අනුව එස්.වියාලේන්ද්‍රන් මහතා දෙමළ ජාතික සන්ධානයට හෝ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයට හෝ ප්ලොට් සංවිධානයට අයත් නොවන පුද්ගලයෙකු ලෙස නම් කිරීමට මාවෙයි සේනාධිරාජා මහතා තමන්ට එකග වූ බවට සිද්ධාර්තන් මහතා වැඩි දුරටත් කියා සිටියේය .
– වන්නි රොමේෂ් මධුෂංඛ
People who tried to rule the country with bullet. Bloody tiger ghosts .
කලු සුද්දන්ගේ දෙමළ නියෝජිත සුමන්දිරන්ට මෙදා පාර තමා හොට බිම ඇන ගන්න වෙන්නේ…..
ඇත්තෙන්ම මේක නම් අගය කළ යුතුයි.
තමන් පාර්ලිමේන්තුවට තේරුනේ ජනතාවගේ මනාපයෙන් කියන එක අමතක කරන්න හොද නෑ……..
තමන්ට ඒ මනාපෙන් ඉන්න බැරිනම් ඉල්ලා අස්වෙලා වෙන කෙනෙකුට ඒ අවස්ථාවා දෙන්න ඕනෙ.
මැතිවරණයෙන් පරාජයවී හොර පාරේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගිය SB, මහින්ද සමරසිංහ ඇතුළු නඩුය ගැන මොකද හිතන්නේ…දැන් ඒ ගොල්ලන් හොදද….බලය වෙනුවෙන් පෙරේතයන් සමගත් එකතු වෙමු….එකතු වී රට කමු….
Terrorism is a psychological warfare. Terrorists try to manipulate us and change our behavior by creating fear, uncertainty, and division in society.Terrorism is the tactic of demanding the impossible, and demanding it at gunpoint.
BAN ALL TAMIL TERRORIST PARTIES IN NORTH & EAST
why cant UNP do the same?