ආණ්ඩුවට එන්න නම් ඇමතිකමක් අනිවාර්යෙන් ඕනෑ කියා තොණ්ඩමන් දන්වයි..
September 25, 2016 at 8:40 am | lanka C news
තමන් සන්ධානය යටතේ ආණ්ඩුවට එක්වීමට නම් ඇමති ධුරයක් ලබා දෙන ලෙස ලංකා කම්කරු කොංග්රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතා ඉල්ලා තිබේ.
ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ ශ්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක හා එජනිස මහලේකම් ඇමති මහින්ද අමරවීර ඔහුගේ නිවසේ පැවති සාදයකට පැමිණ සිටි අවස්ථාවේදීය.
ඔහු එහිදී පෙන්වා දී ඇත්තේ මේ වන විට ඇමති පලින් දිගම්බරම් එජාපයේ නියෝජිතයෙක් ලෙස වතුකරයේ බලය ගොඩනගමින් සිටින බවත් තමන් සන්ධානය සමඟ එක්වී එන මැතිවරණවලට සහාය දීමට සූදානම් බවත්ය.
එසේ සන්ධාන ගත වීමට නම් තමනට ඇමති ධුරයක් අවශ්‍යම බවද ඔහු දැඩිව අවධාරණය කර ඇත.