ආණ්ඩුවට එරෙහිව ජනතාව එක්ක පාරට බහිනවා..- රතන හිමි
July 7, 2017 at 10:40 am | lanka C news
ජනමත විචාරණයට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධන සිදු නොකරන බවට ජනපතිවරයා දුන් පොරොන්දුව කඩකරමින් අලුත් ව්‍යවස්ථා ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කළහොත් එය පරාජය කිරීමට ජනතාව සමඟ ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට තමා ඇතුළු භික්ෂුන් වහන්සේලා රැසක් විශාල කැපවීමක් කළ නමුත් ඩොලර් මත යෑපෙන රාජ්‍ය නොවන සංවිධානවල කිහිප දෙනකුගේ අවශ්‍යතා මත ආණ්ඩුව අලුත් ව්‍යවස්ථා ගෙන එමින් රට අස්ථාවර කිරීමට උත්සාහ දරන බවද මේ තත්ත්වයට කිසිසේත් ඉඩ නොතැබිය යුතු බවද කොළඹ පැවැති ලංකා ජාතික මහා සභාවේ ප්රවෘත්ති සාකච්ඡාවේදී රතන හිමියෝ කියා සිටියහ.
ව්‍යවස්ථාවේ යම් යම් සංශෝධන සිදුකිරීමට විරුද්ධ නැතැයිද වහාම මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතු බවද කී උන්වහන්සේ රජය පොරොන්දු වූ පියවර වහාම ගත යුතු බවද කීහ.
යුද්ධයෙන් අවතැන් වූ ලක්ෂ ගණනක් උතුරේ වැසියන් යළි පදිංචි කරවීමට ඉකුත් රජය කටයුතු කළත් ඉතිරි 7500 ක් පමණ දෙනා යළි පදිංචි කරවීමට වසර දෙකක් ගතවීත් මේ ආණ්ඩුවට නොහැකි වී ඇති බවද එම වැසියන් හොඳ නිවාසවල පදිංචි කර උතුරේ වැසියන්ගේ කෘෂිකර්මය නඟා සිටුවා ආර්ථික ශක්තිය ඇති කර භාෂා ප්රශ්නය විසඳීමට ක්‍රියා කළ යුතු බවද ඒ සඳහා ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නැති බවද රතන හිමියෝ සඳහන් කළහ.
– දිවයින
උපාය මාර්ගික විරුද්ධවීම්…..විරුද්ධවන්නක් අතර පළමු තැන ලබා ගැනීම…ඉන්පසු ආ..හරි හොඳයි කියා කැමැති වීම….ජඩ දේශපාලනය…
“රතනං පනීතං ” කිව්වලු!
මේ යන විදිහට මයි3. ත් බහියිද දන්නෑ පාරට රජයට විරැද්දව!
🙂
😀 😀 😀
well said bro
ජනතාව නං දැනටම පාරේ.
ඉතින් රතනේ හැබෑට තමුන්නැහැ කියන කොට පාරට බහින්න කීයක් විතර ඉන්නවද?
තමුන්ට ඕක තේරුනේ නැද්ද යූ එන් පී එකත් එක්ක දීගෙ ගහනකොට. අත දරුවෙක්ට වුනත් තේරෙනව යූ එන් පී එකේ දේශපාලනේ
Balagena hitapan ! Minissu eyi passen umbata gahanna polu aragena Sinhalayan pawa dunnata salakanna
සැබෑ ජනතා විරෝධය යටපත් කිරීම හෝ වෙනතකට යොමුකිරිමේ අදහසින් වසවිස රතනයා අලුත් භූමිකාවක් රඟපාන්න සුදානම් වගේ
” Api virudda vennam. Ogolla karagena yanna”
Before the elections!!
Who are the people support this Fox in a Sheeps skin?