ආණ්ඩුවට එරෙහිව ශ‍්‍රීලනිප පිරිසක් කුමන්ත‍්‍රණයක.. එජාප ලොක්කෙක් රහසින් හමුවෙයි..

December 21, 2019 at 10:32 pm | lanka C news
ආණ්ඩුවට එරෙහිව ශ‍්‍රීලනිප පිරිසක් කුමන්ත‍්‍රණයක.. එජාප ලොක්කෙක් රහසින් හමුවෙයි..

එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලඥයින් පිරිසක් හමු වී පසුගිය සතියේ රහසිගත සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙහිදී සාකච්ඡා කර ඇත්තේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් යැයි ද වාර්තා වෙයි.

ඔහු විසින් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලකයින් තිදෙනෙක් සමග වෙන වෙනම මුණගැසී සාකච්ඡා කර ඇතැයිද සදහන්ය.

ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයෙක් සම්බන්ධයෙන් සහාය ලබාගැනීමට මෙම සාකච්ඡාව ල අරමුණ වී ඇතැයි ද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් මේ ගැන පැහැදිලි පිළිතුරක් මෙතෙක් ලබාදී නැත.

43,549 Viewers

7 Comments to “ආණ්ඩුවට එරෙහිව ශ‍්‍රීලනිප පිරිසක් කුමන්ත‍්‍රණයක.. එජාප ලොක්කෙක් රහසින් හමුවෙයි..”

  1. Rata Wenuwen says:

    ඔන්න ජිරිලන්කා පක්ශය සියයට 3 පක්ශයටත් වඩා පහලට ගෙන එන කුමණ්ත්‍රනයක්

  2. Asoka Liyanage says:

    මුං කුමන්ත්‍රණය කරන්න පටං ගන්නේ මහින්ද මහතා පොහොට්ටුව අතහැර පුටුවෙන් ඉල්ලා දිනුවාට පසුවය. හිටං ගෙ අපතයො ටික ගෙදර යැවිය හැකි හොදම ක්‍රමය පාර්ලිමේන්තු මැතිවරණය පොහොට්ටුවෙන් තරග කර දිනීමය. අද ගෝටාභය මහතා වැඩ කරන පිලිවෙල අනුව හිටං පිලට එක ආසනයක් ලැබෙයි පොලොන්නරුවෙන්. හිට්ං කුමන්ත්‍රණය පැහැදිලිව පරාජය කිරීමට රටෙ සියලුම දෙනා පොහොට්ටුව වටා එකතු විය යුතුය.

  3. sajitha says:

    meka wiswasa karanta puluwan. dayasiri jayasekera eeye pereda berhan dunne slfp eka thama gotawa dinewwe, a nisa slfp ekata winasa wenta denta be kiyala. hebei, unp slfp ekathu unoth pohottuwata waasiy. den me siduwena wenasa pohottuwa dinanne nethiwa digatama kerei kiyala minissu hithanne ne.

  4. හිටන්ගෙදර අප්පුහාමි says:

    ජනපති තුමනි, හිටං, රිලාසිරිය, ගංජා දුමිය ඇතුළු ඔය පාවාදෙන නඩය මොනම හේතුවක් මතවත් විශ්වාස කරන්න එපා. පුටුවෙන් චන්දෙ ඉල්ලුවොත් මන්ත්‍රීවරු හැසිරවීමේ වැඩි බලය හිටන්ට යනවා. එහෙම වුනොත් අපිට නැවතත් ආප්ප කන්න වේවි. ඒ නිසා මහ චන්දෙට පොහොට්ටුව විතරයි. ඒ එක්කම සියළුම අපේක්ෂකයින්ගෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් දින රහිතව ගන්න.

  5. Kadiya says:

    ඇමතිකම් දෙනවා කිව්වොත් බලුබෙට්ටක් වුනත් කටේ දමාගන්නා ජාතියේ සෙට් එකක් තමයි SLFP එකේ බලතල හොබවන්නේ. ඔවුන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණෙන් ගෙදර යවන එක චන්ද දායකයන්ගේ යුතුකමක්. තට්ටය මිස මොලයක් නැති අනුරාධපුරෙන් චන්දෙ ඉල්ලන දුමින්ද දිසානායක හට වැඩිම මනාප ලකුණු කරන එප්පාවල, කලාවැව ආදී ප්‍රදේශවල ජනතාව හිතන්න ඕන මූ 1994-2018 වෙනකම් බලවත් ආණ්ඩුවක ඉඳලත් තඹුත්තේගම – කලාවැව -කැකිරාව දක්වා පාර ලංකාවේ ජරාම පාර විධියට නඩත්තුකරන්නේ කොහොමද කියල.

  6. MD says:

    Prasanna kiyanawa wage oya kattiyagen wishwasa kala nohakima kena tamai lokka.Parissamen aappa aappa

  7. samanalaya says:

    කැබිනට් ප‍්‍රසන්න-රාජ්‍ය කෙහෙලිය නිල කාර්යාලයට රණ්ඩුවෙති…

Main News