ආණ්ඩුවට කඩේ ගිහින් මෙවර දෙමල සන්ධානය ඡන්දෙන් පරාදයි..

August 9, 2020 at 6:48 pm | lanka C news
ආණ්ඩුවට කඩේ ගිහින් මෙවර දෙමල සන්ධානය ඡන්දෙන් පරාදයි..

2020 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ප්‍රතිඵල දෙස බැලීමේදී උතුරු නැගෙනහිර පලාත්වලින් දෙමළ ජාතික සන්ධානය පරාජය වී ඇති බවට උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හා වත්මන් තමිල් මක්කල් දේශීය කූට්ටනී පක්ෂයේ නායක සී.වී.විග්නේශ්වරන් මහතා පවසා සිටියේය.

මෙවර මහමැතිවරණයේදී තමිල් මක්කල් දේශීය කූට්ඨනී පක්ෂයටද එක් මන්ත්‍රී ආසනයක් ලැබීම සමබන්ධයෙන් යාපනයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සී.වී.විග්නේස්වරන් මහතා පවසා සිටියේ,

‘මෙවර මහමැතිවරණයේදී අපේ පක්ෂයට ආසන 4 ක් විතර බලාපොරොත්තු වුනා නමුත් බලාපොරොත්තු වූ දෙය සිද්ධ වුනේ නැහැ නමුත් අපි ඒකට හේතු හොයනවා නමුත් මෙවර මැතිවරණයේදී විශේෂයක් වුනා මොකද දෙමළ ජාතික සන්ධානයට අපි එදා කරපු චෝදනාවම අදත් මතක් කරන්න කැමතියි.

වරප්‍රසාද වෙනුවෙන් දේශපාලනය කරමින් අයිතීන් නොසලකා හරිමින් කටයුතු කල නිසා තමයි මෙවර මැතිවරණයේදී ආණ්ඩුවට සහය දෙන පක්ෂ වෙනුවෙන් ජනතාව තමන්ගේ ඡන්දය දුන්නේ. ඒ වගේම මම තවත් විශේෂ දෙයක් කියන්න කැමතියි උතුරු සහ නැගෙනහිර පලාත්වලින් දෙමළ ජාතික සන්ධානය අන්ත පරාජයකට ලක් වෙලා තියෙනවා . යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,058 views
Main News