ආණ්ඩුවට කොන්දේසි දමන්න ශ‍්‍රීලනිපය තීරණය කරයි…

November 9, 2021 at 4:40 pm | lanka C news
ආණ්ඩුවට කොන්දේසි දමන්න ශ‍්‍රීලනිපය තීරණය කරයි…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට දැනට ඉල්ලීම් ඉදිරිපත් කරන පක්ෂයක් වුවද ඉදිරියේ දී ආණ්ඩුවට කොන්දේසි දමන පක්ෂය බවට පත් වන බව එම පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා සඳහන් කරයි.

ආණ්ඩුවේ ප‍්‍රබලම හවුල්කාර පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වුවද ඒ සඳහා නිසි තැන මේ ආණ්ඩුව ලබාදී නැතැයි ද ඔහු චෝදනා කළේය.

පක්‍ෂයට නිතරම ලැබෙන්නේ අඩු සැලකිල්ලක් බවත් ඒ මහතා සඳහන් කළේ ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

එම තත්ත්වය මත ඉදිරියේදී ආණ්ඩුවට කොන්දේසි දමන පක්ෂයක් බවට පක්ෂය පත් කරවන බවද පැවසූ ඔහු ඒ සඳහා නිසි වේලාව පැමිණි විට ක්‍රියාමාර්ග ගන්නා බවත් දැනට කලබලයක් හදිසියක් නැති බවත් සඳහන් කළේය.

38,480 views

9 Comments to “ආණ්ඩුවට කොන්දේසි දමන්න ශ‍්‍රීලනිපය තීරණය කරයි…”

  1. හේනේ මාමා says:

    සුළු පක්ශ සුලුවෙන් තැකූ සියලුම ආණ්ඩු දිය වෙලා ගියා. ඒක නිසා ඉතිහාසෙන් පාඩම් ඉගෙන ගෙන බොරු මාන්නෙ පැත්තකින් තියලා මේ වෙලාවෙ මොලේ පාවිච්චි කරල වැඩ කරපල්ලා.

    • කැලණියේ නයා says:

      මාමා සුලු ලොකු ඔය හැම පක්සෙම එක්කහු වෙලා බොලාට අරින ඇරිල්ල කෝමද ? එක පැත්තක වසන්ගතේ අනික් පැත්තෙ සාගතේ මේ එකෙක් ලග වත් මේවට විසදුමක් වැඩ පිලිවෙලක් තියේද අඩු ගානෙ ඒ ගැන කතා කරනවද ඔක්කොම කතා බලේ තියා ගන්න හැටියි උදුර ගන්න හැටියි හරි යාද බන් මෙහෙව් රටකට

      • Chamil Ananda says:

        Eka nam aththa… Oya koi paksheth ekaiii…habai sulu paksha set ekakta aye balaya giyoth aniwaryenma 2015 wage thamai ayeth

  2. Saradiel says:

    හිටං පත්තරේ බලලා රට පාලනය කරපු හැටි මුන්ට අමතක වෙලා. කාලකන්නි උබලට ජනතාවගෙන් කිසිම කැමැත්තක් නැහැ එන මැතිවරණයේදී ගෙදර යන්න ලෑස්ති වෙයල්ලා.

  3. LalithM says:

    මහජනයා ශ්‍රීලනිප මන්ත්‍රීන්ට අසූචි ගසා පලවාහැරීම වැඩි ඈත නෑ. දැන්වත් ඔය පොහොට්ටු උගුලෙන් ගැලවෙන්න.

  4. Chamil Ananda says:

    hamadema sapekshai… rajapakshalata mona widiyata bannath 2015 set ekata wadanam thama hodai

  5. ගොන් බන්දු says:

    “”පක්‍ෂයට නිතරම ලැබෙන්නේ අඩු සැලකිල්ලක් බවත් ඒ මහතා සඳහන් කළේ ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.””

    ඔව්, උඹලට වැඩි සැලකිල්ලක්. ඒත් අපිට වැලේ වැල් නැතුව ඉන්නවා. ඕවත් අපේ පිටින්ම යවපල්ලා.

  6. Athula says:

    තොපි සේරම දැන් අපිට තිත්තයි පාහර අවස්ථාවාදී ජඩ හැතිකරය.. 😡😡😡

  7. Sam says:

    Anduwa dina gannakam witharayi SLFP eaka oni wune . Den makkateyi!!!!

Main News