ආණ්ඩුවට ඡන්දය දුන් 95%ක්ම දැන් ආණ්ඩුවට විරුද්දයි.. ආණ්ඩුවේ ගමන අන්තිම අසුභවාදීයි..- විජේදාස

March 21, 2021 at 9:20 am | lanka C news
ආණ්ඩුවට ඡන්දය දුන් 95%ක්ම දැන් ආණ්ඩුවට විරුද්දයි.. ආණ්ඩුවේ ගමන අන්තිම අසුභවාදීයි..- විජේදාස

ආණ්ඩුවට ඡන්දය දුන් ජනතාවගෙන් 95%ක්ම අද වන විට ආණ්ඩුවට විරුද්ධ වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කළ අති විශාල ජනතාව බලාපොරොත්තු වූයේ බුද්ධිමත් කැබිනට් මණ්ඩලයක් සමග රටේ ලොකු වෙනසක් ඇති කරන සිස්ටම් චේන්ජ් එකක් බවද පැවසූ ඔහු නමුත් ඒ වෙනස අද සිදුවී නැතැයි ද පෙන්වා දෙයි.

ඒ නිසා ඡන්දය දුන් ජනතාව අද ඉන්නේ බොහෝ කලකිරීමෙන් බවද ඇමැති මන්ත්‍රීවරයා සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුවේ ඇමතිකමක් නොලැබීම ගැන තමන් අද බොහොම සතුටට පත්ව සිටින බවත් එය තම දේශපාලන ජීවිතය විශාලතම සතුට බවත් ඒ මහතා කියා සිටියි.

අපිට ආණ්ඩුවේ ගමන අන්තිම අසුබවාදී බවට පවසන ඔහු අවශ්‍ය වෙලාවට තමන් ප්‍රතිපත්තිමය තීන්දු ගන්නා බවද සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ සති අන්ත ලංකාදීප පුවත්පත සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

39,062 views

25 Comments to “ආණ්ඩුවට ඡන්දය දුන් 95%ක්ම දැන් ආණ්ඩුවට විරුද්දයි.. ආණ්ඩුවේ ගමන අන්තිම අසුභවාදීයි..- විජේදාස”

  1. dayas says:

    BIJJE DASA. OBA KIYANA EKA HARIY KIYAMUKO.
    MEE LANGATA BALAYATA GENNE, PAKANILDA..PUNCHI AMMAGE MINIHADA…
    HARIYATA KIYANTA ..APITH DANA GANTA KAMATHI.

  2. Love nature says:

    “කබලෙන් ළිපට වැටුනා වගේ” – විපතට පත්වූ අයෙක් ඊටත් වඩා විපතකට පත් වීම.

  3. Hana says:

    සියයට අනුපහක්ම ඔබ තුමා ගැනනං කල කිරිල ඉන්නේ…ඡන්දෙ ගත්තා විතරයි ආගිය අතක් නැත්වුනා…..
    නිකං බොරැ ගහන්න එපා මහත්තයා ….ඔබතුමා ට කැබිනට් ඇමති කම ලැබුනහොත් සිය යට අනුපහක්ම ආන්ඩුව ට කැමති ….
    ..
    ආන්ඩුව ඇතුළෙ කචල්….මිනිස්සු කලකිරෙනවා …..ඇත්ත…..හැබැයි ඔබතුමා ඔය කතා කරන්නෙ පට්ටම නැති දුකට…..අපි පිං ගොං නෙවෙයි….

  4. sunny says:

    කොන්ද පන තියෙනවානම් ආණ්ඩුවෙන් අයින් වෙන්නකෝ බොරැ පණ්ඩිත වාක්‍ය කියවන්නේ නැතිව. ඔයා පුස් වෙඩිල්ලක් .

  5. Chandi Kolla says:

    අනේ ජනාධිපතිතුමනි මෙන්න මේ අසරණයාට කැබිනට් ඇමති කමක් දෙන්නකෝ! නහයෙන් ඇඬිල්ලේ කෙලවරක් නෑ. මොනවා වුනත් පව්නේ අප්පා!

  6. jaya says:

    We completely regret you statement

    this government is best more than the “yahapalanaya”

    so we secure this government

  7. විමල්, ගම්මන්පිල,වගේ ප්‍රගතිශීලී නායකයින්ව පන්නන්න හදලා, පොහොට්ටු බත් ගොට්ටන්ට, ආන්ඩුවේ රක්ශිත කපන්න ඉඩ දීලා, පරිසරය විනාශ කරන්න ඉඩ දීලා, ජාතික සම්පත් අදානි සමාගමට විකුනලා, තමන්ගේ හැත්ත බුරුත්‍තට තාන්නමාන්න බෙදලා, බැසිල් ජඩයා කරපු පාහරකම් නිසා , මේ ආන්ඩුව අප්‍රිය වෙලා අපිට.කෝ එකම රටක්, එකම නීතියක්? සිංහල බවුද්දයටකෙලිනවා. ජන්දේ දුන් නැති මරක්කලයින් නලවනව

  8. Damian says:

    අපට නම් පාහර යහපලානේ ට වඩා දහස් ගුණයක් හොඳයි.

  9. අගමැති සීයා says:

    මු තමයි අපේ කාලයේ දේසපාලන ගණිකාව

  10. D.Nimal says:

    The Wijedasa Rajapakse of ex-Minster of Justice of that so-called “Good Governance” & rule of law was an installed by Indian & USA led western powers in 2015 Jan 8.
    It was given broken promised to public citizens of Islanders which was claim by a key man was Wijedasa R.. leadership by MS of SLFP, CBK of Federal SLFP and Rani-Sajith of UNP of that misrule govt. over FIVE Years. Which was political tragedy of our country after 1948 of led by UNP rule…Island.