ආණ්ඩුවට බය හිිතෙන කතාවක් මැතිවරණ කොමිසම කියයි…
October 17, 2019 at 3:21 am | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 80%-85%ක් අතර විය හැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
එමෙන්ම විදේශගතව සිටින විශාල පිරිසක් ඡන්දය දැමීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බවට තොරතුරු ඇති බවද ඒ මහතා කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් වැඩි ප්‍රමාණයක් ඡුන්දය ප්‍රකාශ කිරීම පවතින රජයක් සාමාන්‍යයෙන් සලකන්නෙ තමනට අවාසිදායක තත්ත්වයක් ලෙසයි.