ආණ්ඩුවට මෙතරම් කඩේ යන විපක්ෂ නායකයෙක් මුළු ඉතිහාසයේම හිටියේ නෑ..- සම්බන්ධන්ගේ පළු අරිමින් තම්බිමුත්තු කියයි..
December 1, 2017 at 6:48 pm | lanka C news
උතුර හා නැගෙනහිර එක් කිරීමෙන් ප්‍රශ්න විසදිය නොහැකි යයි ‘එළිය’ සංවිධානයේ සාමාජික අරුන් තම්බිමුත්තු මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ අදහස් පල කලේය.
විපක්ෂ නායක සම්පන්තන් මහතා ප්‍රකාශ කර සිටිනවා මේ වසර 60 තුළදි දමිළ ජනතාවට දේශපාලන විසදුමක් සොයා ගන්නට බැරි වුනා කියලා. ඒ විසදුම සොයා ගන්නට ඔහු දමිළ තරුණයන්ෙග් අනාගතය කැප කරනවා කියලා.
නමුත් ඇත්ත කතාව, දමිළ තරුණයෝ පහුගිය වසර 60දීම ඔවුන් ගේ අනාගතය කැප කළා, මොවුන් විසදුමක් සොයා ගනීයි යන විශ්වාසය උඩ. ඇයි මේ වසර 60ටම දේශපාලන විසදුමක් සොයා ගන්නට බැරි වුනේ? මෙය සම්පන්තන් මහතා තමන්ගෙන්ම ඇසිය යුතු ප්රශ්නයකි.
ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම දමිළ ජනතාව ජිවත් වෙනවා. නමුත් මොවුන් ගේ උත්සහය සෑම විටම වුයේ දෙමළ නිජ බිමක් සාදා ගන්නටය. ශ්‍රී ලංකාවේ ජිවත් වන මුළු දමිළ ජනගහන යෙන්ම සීයට 33යි උතුරේ ජිවත් වන්නේ. ඒවිට උතුර හා නැගෙනහිර එක් කිරීමෙන් කොහොමද ප්රශ්නය විස දෙන්නේ? එසේ කළොත්, නුවර එළිය, කොළඹ හා අනෙක් පළාත් වල වෙසෙන දෙමළ ජනයාගේ ප්‍රශ්න කොහොමද විසදෙන්නෙ?
උතුර හා නැගෙනහිර දමිළ ජනතාව ගේ නිජ බිම කියන්නේ ලංකාවේ සෙසු ප්‍රදේශ දෙමළ ජනයා ගේ රට නොවේ කියන ඒක.
දෙමළ මිනිසුන්ට තමන් ගේ භාෂාවෙන් කටයුතු කරන්නට අපහසුකම් තිබෙනවා නම්, තමන් ගේ සිරිත් විරිත් වලට අනුව ජිවත් වීමට බැරි ප්‍රශ්න තිබෙනවා නම්, ඒවට විසදුම් තිබිය යුතුයි.
ආර්ථිකය අද සෑම දෙනාටම තිබෙන ප්රශ්නයකි. නොවැම්බර් මස 20වැනිදා මඩකලපු දිස්ත්‍රික්කයේ අමු මිරිස් කිලෝවක් රැ. 1900. මෙවැනි අවස්ථාවක තමයි නව ව්‍යවස්ථාවක් පස්ස දොරෙන් ගේන්න හදන්නේ.
මොවුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න උත්සහ කරනවා. මොවුන් තර්ක කරනවා අපේ ඡන්ද බලය ඔවුන්ට පවරන්න කියලා. රටේ නායකයා පාර්ලිමේන්තුව හරහා තෝරා ගන්න. නමුත් පාර්ලිමෙන්තුවෙ 90කට සාමන්‍ය පෙළවත් සමත් වෙලා නැහැළු. ඒ වගෙ පිරිසකට අපි කොහොමද අපේ රටේ නායකයා තෝරා ගන්න අපේ අයිතිය දෙන්නෙ
සම්පන්තන් මහතා, විපක්ෂ නායකයා හැටියට පිට පිටම අයවැය තුනකට ඔහුගෙ ඡන්දය දුන්නා. ප්රජාතන්ත්රවාදි ඉතිහාසයෙම මෙවැනි ආණ්ඩුවේ කොටස් කරැවෙකු වූ විපක්ෂ නායකයෙක් නැත.
ඔහුගෙ උත්සහය ඔහුගෙ දේශපාලන මතය මත පමණක් විසදුමක් සොයා ගන්නටයි. ඔහු පළාත් පාලන ක්‍රමය ප්රතික්ෂෙප කළ පුද්ගලයෙකි. ඔහුගෙ මතය 13වැනි සංශෝධනයට ඔබ්බෙන් ගිය විසදුමකි.
නමුත් උතුර හා නැගෙනහිර ඒක් කිරීමට මේ රටේ හැමදාම විරැද්ධත්වයක් තිබෙන්නේ මෙයින් රට දෙකට කැඩෙයි යන බියටයි. ස්කොට්ලන්තයට, කැටලෝනියාවට බලය බෙදා දුන්නෙ ඒය ඔවුන්ගෙ ජාතික ප්‍රශ්නයට විසදුමක් වේයැයි යන බලාපොරොත්තුවෙන්. නමුත් අද රටින් වෙන්වීමට ඔවුන්ගෙ බලපෑම වැඩි වී තිබෙනවා.
‘ෆෙඩරල් ක්‍රමයක්’, ‘නොබෙදිය හැකි ශ්‍රී ලංකාවක්’ – මේවා වචන සමග සෙල්ලම් කිරීමක් පමණි. මේ වාගේ වෙන වෙන වචන දාගෙන, හැමදාම ප්රතික්ෂෙප කළ දෙයක් විසදුමක් හැටියට ගෙන ඒන්නට හදන කොට ඒය හැමදාම හීනයක් විතරයි වෙන්නෙ
– ශිවන්ති රණසිංහ
දෙමල නිජබිම දකුනු ඉන්දියාවේ මිලියන 73 ක් ඉන්නවා අපි ඉන්දියාවට කියන්නම් එය ලබාදෙන්න කියා මෙහෙ ඉන්න දෙමළ අයට ඒ අය
සමග එකතු වෙන්න පුළුවන්.
ත්රස්තවාදයට විරුද්ධ වීම නිසා මෙතුමාගේ දෙමව්පියන් කොටි විසින් ඝාතනය කලා.
මෙවැනි සාධාරණ ද්‍රවිඩ නායකයන් අප ඉදිරියට ගෙන ආ යුතුයි. අන්තවාදී වර්ගවාදී TNA වැනි කූඨ දේශපාලන අවස්ථාවාදීන් පරාජය කලහැකි වන්නේ එවිටයි.
උතුරේ වාසය කරන්නේ දෙමල ජනතාවගෙන් 33% ක් පමනයි.
ඇස් ඇරෙන තර්කයක් .
9 Catalonia will solve problems of Regional politicians.They will become Maharajah!.
Mr Thambimuthtu, We need people like you in this country to take it forward. You are similar to Mr Kadiragamaer. If we have people like you, ethnicity considerayions will never arise. Only the extremist who wants to divide this country and create a never ending problem and disaster.