ආණ්ඩුවට වට්ටන්න දේශපාලන කුමන්ත්‍රණයක්.. බුකිකාරයෝ සුදුකාරයෝ කුමන්ත්රණයක..
May 3, 2018 at 4:40 pm | lanka C news
රටතුළ කිසිඳු ආකාරයක දේශපාලන අස්ථාවරත්වයක් නොමැති බවත් ඡන්ද පදනමක් නොමැති නන්නත්තාර වූ දේශපාලනඥයින් ආණ්ඩුව අස්ථාවර කිරීමේ කුමන්ත්රණයක නිරත වන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
එම දේශපාලනඥයින් ආණ්ඩුව වැට්ටවීමට සැලසුම් සහගතව ක්‍රියා කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.
මේ බව පැවසූවේ අද උදෑසන (03) දෙමටගොඩදී ආගමික උත්සවයකට එක්වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“අපේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් කියලා එකක් නෑ. නමුත් පසුගිය කාලේ දේශපාලන පිටියේ නොසිදුවිය යුතු දේවල් රැසක් සිදු වුණා. දේශපාලන බලලොභී පුද්ගලයෝ එයට මුල් වුණා. ඡන්ද පදනමක් නැති, ඡන්දයකින් දිනන්න බැරි, සල්ලි වලින් දිනන්න පුලුවන් කියන පුද්ගලයෝ ටිකක් මේ ආණ්ඩුව වට්ටන්න හැදුවා.
සමහර බුකි කාරයෝ, රේස් කාරයෝ , සූදු කාරයෝ එකතු වෙලා මේ කළ විනාශයෙන් රටේම ආයෝජනය නැවතුණා. පාර්ලිමේන්තුවට පත් වෙලා තානාන්තර අරගෙන ඒවා විනාශ කරන දේශපාලනඥයෝ රට ගැන හිතන්නේ නෑ. රට ගැන හිතනව නම් මේ වගේ දෙවල් සිදු නොවිය යුතුයි.
පසුගිය කැබිනට් සංශෝධනය සිදු වුණේ ජනාධිපතිතුමයි, අගමැතිතුමයි සාකච්චා කිරීමෙන්. අපට ඉදිරියට තව මාස 18ක් ඉතිරිව තියෙනවා. ඉදිරි මාස 18දී පහුගිය කාලේ අපේ අතින් අතපසු වුණු දේවල් හදාගෙන ඉදිරියට යාම තමයි මහජනතාව බලාපොරොත්තු වෙන්නේ.
මේ රටේ මහජනතාව 2015 දී වරමක් දුන්නේ අතිගරු ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි එකට ආණ්ඩුවක් හදාගෙන ඉදිරියට ගෙනියන්න කියලා. එහෙම නැත්නම් මහජනතාවට තිබුණා ශ්‍රී.ල.නි.ප ආණ්ඩුවක් හදන්න හරි, එ.ජා.ප ආණ්ඩුවක් හදන්න හරි. එහෙම නැතුව බලය දුන්නේ දෙගොල්ලන්ටම දේශපාලනය පැත්තකින් තියල රට හදන්න. ඉතින් ඒ ක්‍රමවේදය පහුගිය කාලේ කරගෙන ගියා. ඉදිරියේදී ඊටත් වැඩියෙන් පිරිසිදු දේශපාලනයක් කිරීමේ අවශ්‍යතාවය ඇති වෙලා තියෙනවා. ඒක තමයි අලුත් කැබිනට් සංශෝධනයෙන් පසුව අපි සියලු දෙනාගේම වගකීම වෙන්නේ….” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
– තමීර මංජු
ඈ යකෝ කවුද ඔය කියන ඡන්ද පදනමක් නැති දේසපාලකයෝ. තොපි මහා ආත්මාර්ත කාමී මිනිසුන් කල්ලියක් හිතාගන්න බැරි එක පවුලෙ ඉපදිලත් ප්‍රසන්න මහත්තයගෙ මවිලක් වටින්නැති එකෙක් උඹ
Ehenam ithin moo kiyana widihata rate bahutharayak buki karayo…mokada mulu ratama wage Anduwa watenakam thamai balagena inne
We can eat the public resources for further 18 months. So that We can ruin Sri Lanka as much as possible.
You should be ashamed to be part of this useless government.
වසර තුනටම වැඩකට අැති වැඩක් නොකොල මෝඩ අර්ජුනයො, පේන බලල බලි අරින්නෙ නැතුව ජනතාවට හිනා වෙන්න ඔන්න ඔහොම බය්ලා ටිකක් කියපන්.
This is another big thief talking. Gonja is correct
Mona pakshekatawath wadda ganna narakai cricket kapu bookipalayawa
Wattanna anduwak thiyenawada dan munta therenne nathi hati mun dan yanne homben kiyala.
1. දින 100යෙන් අලුත් රටක්
2. මාස 60 න් අලුත් රටක්
3.2025 දස අවුරුදු සැලසුම්
මෙ අවුරුදු තුනට මොනතරම් කතා කීවද දැන් ඉතින් පෙරහැර ගියා ඔයාලට ඉතුරුවෙලා තියෙන්නෙ අලිබෙටි සුද්ධ කරන්න විතරයි
මූ නම් මෙලෝ රහක් නැති මහ බැංකු හොරුන්ගෙ රෙදි හෝදන මෝඩ වසලයෙක්.
නියිම කතාව- බැංකු හොරුන්ගෙ රෙදි හෝදන මෝඩ වසලයා.
UBA RANATTHUNGA MAHATHATATH
MAW GURU THUMIYA TATH
GARAHANA MODAYEK
AKA PUDGALA YEKU SAMAGA
AMANAPAYATA MULU RATAMA
PAWADENA AMANAYEK